Friday, April 26, 2024

ඉබ්බාගමුව මැදි විදුහලෙන් බිහි වූ විශිෂ්ටයෝ ඇගයෙති.

Must read

adhi sisu abhiman

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙන් බිහි වූ විශිෂ්ට ආදි සිසුන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ “ ආදි සිසු අභිනන්දන උළෙල – 2018 “ පසුගියදා (01 දා) කුරුණෑගල, බෝයගනේ, සැලියුට් උත්සව ශාලාවේදී පැවැත්විණි.

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය යටතේ ක්‍රියාත්මක නිදහස් සහෘද සන්ධානය මගින් සිව් වසරකට වරක් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේදී, ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා, මේ වනවිට දෙස් විදෙස් විවිධ ක්ෂේත්‍රයන්හි දස්කම් දක්වමින් සිටින කීර්තිමත් ආදි සිසුන් ඇගයීමට ලක්කරනු ලබයි. වෛද්‍ය, අධ්‍යාපන, පරිපාලන, ක්‍රීඩා, ආරක්ෂක, කෘෂිකර්ම, ඉංජිනේරු, පර්යේෂණ සහ නව සොයාගැනීම් ඇතුලු අංශ කිහිපයක් යටතේ සිය විශිෂ්තා ප්‍රදර්ශණය කළ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ආදි සිසු සිසුවියන් 12 දෙනෙකු මෙවර ආදි සිසු අභිනන්දන උළෙලේදී සම්මානයට පාත්‍රවූහ.

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකු වන ජනාධිපති ජ්‍යෙෂ්ඨ මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක මහතා මෙම සම්මාන උළෙලේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් පිරිනැමුණු ආදි සිසු අභිනන්දන සම්මානයෙන් පිදුම් ලැබීය. වෛද්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍ය වෛද්‍ය සුමුදු බණ්ඩාරනායක, සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් ඩී.එම්.අබේරත්න, රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය වෙනුවෙන් වයඹ පළාත් සමූපකාර අමාත්‍යංශ ලේකම් කුමාරි වීරසේකර, අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් හිටපු නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් යූ. බී. හේරත්, විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ක්ෂේත්‍රය වෙනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිමල් රත්නායක, පර්යේෂණ සහ නව සොයාගැනීම් ක්ෂේත්‍රය වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ බේලෝ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබද මහාචාර්ය වික්‍රම එම් ආරියසිංහ, කෘෂිකර්ම සහ පර්යේෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ඩී. එම්. ජේ. බී. දිසානායක, කර්මාන්ත හා තාක්ෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් පුල්මුඩේ ඛණිජ වැලි සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරි එස්. ඒ. නන්දදේව, ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් 1997 සාෆ් ක්‍රීඩා උළෙලේ උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම්ලාභී උපුල් රාජපක්ෂ, ව්‍යාපාර ක්ෂේත්‍රය වෙනුවෙන් නිරෝෂ් එන්ටර්ප්‍රයිසස් අධිපති නිරෝෂන් ලංකාතිලක සහ ආරක්ෂක ක්ෂේත්‍රය වෙනුවෙන් මේජර් ජනරාල් අශෝක පාදෙණිය යන මහත්ම මහත්මීන්ද මෙහිදී සම්මානයට පාත්‍රවූහ.

දැනට විදෙස්ගතව සිය වෘත්තීන්හි නියැලී සිටින මහාචාර්ය වික්‍රම එම් ආරියසිංහ මහතා වෙනුවෙන් ඔහුගේ මවත්, මළල ක්‍රීඩක උපුල් රාජපක්ෂ වෙනුවෙන් ඔහුගේ පුතණුවන් සහ බිරිදත් මෙහිදී සම්මාන ලබාගත්හ.

එම උළෙලේ විශේෂ අවස්ථාවන සහිත වීඩියෝව පහත දැක්වෙයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article