Friday, April 26, 2024

‘ඕලු මරාගේ අපරාධ වලට රජදහනක් වූ ” සිරිගම්පල කොලණිය”

Must read

332වෙන්නප්පුවේ  සිරිගම්පල ජනපදයේ නිවසක වධකාගාරයක් පවත්වාගෙන ගිය බවට චෝදනා ලැබ සිටින ‘ඔලූ මාරා’ නොහොත් ‘රන් චාමර’ නමැති පුද්ගලයා

වෙන්න්පුපව  පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින්  පසුගිය 30 කිරිමැටියාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව හෙරොයින් ග්‍රෑම් 2 ක් සහ මිලිග්‍රෑම් 200 ක් තිබී ඇත. වෙනප්පුවේ අපරාධ කල්ලියක් මෙහෙයවමින් සිටි ‘ඔලූ මාරා’ අත්අඩංගුවට ගෙන මාරාවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර ඔහු මේ වන විට රිමාන්ඩ් භාරයේ සිටී.

මෙම කල්ලියේ ක්‍රියාකලාපය විවේචනය කළ පුද්ගලයෙකු ‘ඔලූ මාරා’ කල්ලිය විසින් පැහැරගෙන ගොස් මෙම වධකාගාරයට ගෙන ගොස් අත් සහ පාද සහ නියපොතු ගැටගැසීමෙන් පසු ඔහුගේ පාදවලට තල්ලු කර ඇති බව ආරංචි මාර්ග අනාවරණය කරයි. මරණ  බියෙන් මෙම වින්දිතයා පොලිසියට පැමිණිලි කර නොමැති අතර ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇත. පැහැරගෙන ගොස් වධකාගාරයට ගෙන එන ලද සමහර තරුණයින් අමානුෂික ලෙස පහර දී ඔවුන්ගේ පාද විවෘත කර ඇති අතර විවෘත තුවාල මත ලුණු හා මිරිස් කුඩු ආලේප කර ඇති බව ද පොලිසිය අනාවරණය කළේය.

කෙසේ වුවත් වෙන්නප්පුව ජන්ද කොට්ටාශයට ප්‍රධාන වශයෙන් අයත් මෙම සිරිගම්පල ජනපදය හිටපු අමාත්‍යවරයෙකු ව ⁣පෙස්ටස් පෙරේරා මහතාගේ කාලයේදී නොමිළේ බෙදා දෙන ලද ජනපදයකි.

මෙම ජනපදය  මේ වනවිට විවිධාකාර සමාජ අපචාර ,නීතිවිරෝධී කටයුතු කරන්නන්ගේ රජදහනකි. මැතිවරණ දෙශපාලකයින්ගේ අතකොලු බවට පත්වන්නේද මෙම.ජනපදයේම එදා වේල සොයාගන්නා මිනිසුන් වන අතර ඔවුන්ගේ ජීවන තත්ත්වය කිසිදා වෙනසක් සිදුනොවී එකම සමාජ පංතියක් තුළ සිරව දිවි ගෙවයි. අපරාධකරුවෙකු බිහිවන්නට හොදම වටපිටාවක් මෙම ජනපදය තුළ නිර්මාණය වී ඇති අතර අවසානයේ සිදුවන්නේ මෙවැනි “ඕලු මරා”වැනි චරිතයක් බිහිව අවසානයේ අපරාධ රැසකට මුලපුරා කාලයකට බන්ධනාගාරගතවීමයි. සිදුවිය යුත්තේ ජනපද ඇතිකිරීමේදී කුකුල්කොටු ගානට ජීවිත කොටු නොවන ලෙස මිනිසාගේ සංස්කෘතික හා ආර්ථික සංවර්නධයට පදනමක් සකස් වන ආකාරයට  ව්‍යාපෘති බිහිකිරීමයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article