Friday, April 26, 2024

කිඹුල්වානාඔය ජලාශ‍යේ ගිලී මැරුණැයි කී ධීවරයා මියගොස් ඇත්තේ හෘදයාබාධයකින් !

Must read

heart-attackමැල්සිරිපුර, කිඹුල්වානාඔය ජලාශයෙහි මසුන් ඇල්ලීමට ගොස් සිටියදී දියේ ගිලීම නිසා මිය ගිය බව කියූ ධීවරයෙකු සැබෑ ලෙසම මියගොස් ඇත්තේ දියේ ගිලීමෙන් නොව ඊට පෙර ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් බවට අද අනාවරණය විය.

මේ බව අනාවරණය වූයේ කුරුණෑගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් පී ජයසේන මහතා විසින් එම ධීවරයාගේ මෘතදේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද දහවල් කුරුණෑගල ශික්ෂණ රෝහල් මෘතශරීරාගාරයේදී පැවැත් වු අවස්ථාවේදීය.

මියගිය ආර්. එම්. රණසිංහ මහතාගේ දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණයට ලක් කළ කුරුණෑගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් පී ජයසේන මහතා විසින් එම මරණය සිදුවී ඇත්තේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් බවටත්, මියගිය පුද්ගලයා දියට ඇදවැටී ඇත්තේ එම හෘදයාබාධය වැළදීමෙන් පසුව බවද අනාවරණය කරගනු ලැබීය. එබැවින් අදාළ මරණය දියේගිලීමෙන් සිදු වූ මරණයක් නොව හදිසි හෘදයාබාධයක් හේතුවෙන් සිදු වූ මරණයක් බවට නිගමනය කිරීමෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාරදෙනු ලැබීය.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ නීරම්මුල්ල, මැණික්පාය ප‍්‍රදේශයේ පදිංචි වෘත්තියෙන් ධීවරයෙකු වන ආර්. එම්. රණසිංහ නැමැති 65 හැවිරිදි සිව්දරු පියෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article