Friday, April 26, 2024

පොඩි ඇමැති තෙවරප්පෙරුමට මහ පාරෙම අවුරුදු කන්න වෙන හැඩයි ! (අලුත් ඡායාරූප)

Must read

ගිරිඋල්ල – මීරිගම ප‍්‍රධාන මාර්ගයේ මීරිගම , කදන්ගමුව ප‍්‍රදේශයේ කාපට් මාර්ගයේ ඇති අනාරක්ෂිත දුරකථන කණු වහා ඉවත්කරන්නැයි ටෙලිකොම් ප‍්‍රධානීන් වෙත බලකරමින් අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා එම ස්ථානයේ ආරම්භ කළ විරෝධතාවය තවමත් අවසන් වී නැත.

තම නිල රථයේ වහලය මතට නැගී සිටින නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස විරෝධය පලකරන්නේ අනතුරුදායක අයුරින් මාර්ගය තුළ පිහිටා ඇති දුරකථන කණු කිහිපයක් ඉවත්කරන ලෙසටයි.

එම ස්ථානයට පැමිණි ටෙලිකොම් ආයතනයේ නිලධාරීන් කිහිපදෙනෙකු තම සේවකයින් අවුරුදු නිවාඩු ලබා නිවෙස්වලට ගොස් සිටින බැවින් ලබන 20 වැනිදා එම කණු ඉවත් කරන බවට පොරොන්දු වූ නමුත් එය ප‍්‍රතික්ෂේප කළ නියෝජ්‍ය අමාත්‍යවරයා අඛණ්ඩවම විරෝධතාවයේ යෙදී සිටී. මෙම අනතුරුදායක තත්වය පසුවට කල්තැබිය හැකි තත්වයක් නොවන බවත් , උත්සව සමයේදී මෙම මාර්ගය භාවිතා කරන ජනතාව අනාරක්ෂිත කණුවල ගැටී අනතුරට ලක්විය හැකි බව කියන නියෝජ්‍ය අමාත්‍යවරයා මේ මොහොතේම අදාළ කණු ඉවත් කරන ලෙස බල කර සිටී.

සාකච්ඡාවෙන් අනතුරුව ටෙලිකොම් නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත් වී ගිය අතර අමාත්‍යවරයා එම ස්ථානයේ තවදුරටත් රැදීසිටිමින් එම ගැටලුව සම්බන්ධව ටෙලිකොම් ආයතනයේ ඉහල නිලධාරීන් දැනුවත් කරමින් සිටී.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

palitha_02 palitha_04palitha_05 palitha_01

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article