Friday, April 26, 2024

EZ CASH මගින් ගනුදෙනු කිරීමේදී ඔබ දැනගත යුතු දේ ….

Must read

Intro2කාලයත් සමග හුගක් දේවල් වෙනස් වෙනවා. අපි කන බොන අදින පළදින විදිය වගේම මුදල් හුවමාරු කරගන්නා  විදියත් කාලයත් සමග වෙනස් වෙලා තියෙනවා. මේ ගැන කතා කරද්දී දැන් මුදල් හුවමාරැ වෙන එක අලුත් අංගයක් විදියට EZ CASH ක්‍රමය හදුන්වා ‍දෙන්ඩ  පුලුවන්. EZ CASH යනු ජංගම දුරකථන පාරිභෝගිකයන් අතර මුදල් යැවීම  හා මුදල් ලැබීම, බිල්පත් ගෙවීම (විදුලි සහ ජල බිල්පත් ආදිය) එමෙන්ම ජංගම දුරකථන බිල්පත් ගෙවීම වගේම භාණ්ඩ හා සේවා ලබාගැනීම, අන්තර්ජාල ගෙවීම් ආදී සේවාවන් ඉටුකරන පහසු හා සුරක්ෂිත ක්‍රමයකි.

මුලින්ම මෙම ක්‍රමය ලංකාවට හදුන්වා දුන්නේ ඩයලොග් ආයතනයයි. නමුත් මේ වන විට මෙම EZ CASH සේවාව භාවිතා කිරීමට ඩයලොග් පාරිභෝගිකයින්ට වගේම ETISALAT. HUTCH පරිභෝගිකයින්ට ද අවස්ථාව උදාවී ඇත.
මෙහිදී මුදල් හුවමාරුව සිදුවන්නේ ජංගම දුරකථනය මුල් කරගෙනය. මෙම සේවාව ලබාගැනීම සම්පූර්ණයෙන්
නොමිලේ වන අතර මුදල් භාවිතයට වඩා මෙම ක්‍රමය සුරක්ෂිත වේ. එසේම EZ CASH ක්‍රමයට  ශ්‍රී ලංකා මහ
බැංකුවේ අනුමැතිය ලද මුදල් හුවමාරු සේවාවකි.

EZ CASH මගින් ගනුදෙනු කිරීමේදී දැනගත යුතු දේ ….

1. EZ CASH භාවිතා කරන්න්ට නම් මුදල් ලබන්නා වගේම මුදල්  යවන්න ද මෙම EZ CASH  සේවාවට ලියාපදිංචි
වී සිටිය යුතුයි. සේවාවට ලියාපදිංචි වීම නොමිලේ.

2.  EZ CASH සදහා ලියාපදිංචි වන්නේ ජංගම දුරකථනයෙන් #111# ඩයල් කිරීමෙනි. පසුව ඔබට

අවශ්‍ය භාෂාව තෝරා අනතුරැව අංක 4ක PIN නම්මරයක් දිය යුතුයි.

3.  මුදල් ගැනීමේදී ඔබ පාවිච්චි කරන්නේ එම PIN නම්මරයයි. PIN යන්නෙන් අදහස් වන්නේ රහස් අංකය

යන්නයි. එම නිසා එය වෙනත් අයෙකුට ලබාදීම නොකළ යුතුයි.

4. මුදල් යැවීම හෝ ලබාගැනීමට සියලුම ඩයලොග්, එටිසලාට්, හච් පාරිභෝගික සේවා මධ්‍යස්ථාන, රීලෝඩ් සේවා  ස්ථාන, රෙදිපිළි වෙළදසැල් සහ බලයලත්  EZ CASH නියෝජිතායතන මගින් (EZ CASH පුවරු ප්‍රදර්ශනය
කර ඇති ස්ථාන) පමණකි.

5. EZ CASH ලියාපදිංචි වූ පසු මුලින්ම රැ. 10,000 සීමාවක් දක්වා ගනුදෙනු කිරීමට හැකිය. පසුව ඔබට  කැමති නම් එය 25,000 දක්වා වැඩිකර ගත හැකිය.

6. මුදල් වෙනත් අයෙකුට යැවීම නොමිලේ වන අතර මුදල් ලබාගැනීමේදී  ගාස්තුවක් අය වේ.

මුදල                     අය වන ගාස්තුව

රු 0 – 200                         රු 5යි

රැ 201- 500                        රු 10

රැ 501- 1000                       රු 20

රැ 1001- 3000                     රු 60

රැ 3001 – 5000                  රු 100

සටහන –  දමිත පෙරේරා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article