Friday, April 26, 2024

උසාවිය ඉස්සරහ වොයිස් කට් දෙන්න ගිය ජොන්ස්ටන්ට පොලිසිය හරස්වෙයි ! (VIDEO)

Must read

jonny

පසුගිය වයඹ පළාත් සභා මැතිවරණ සමයේදී සතොස ශාඛාවලින් භාණ්ඩ මිලදීගෙන මුදල් නොගෙවා පැහැරහැරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කුරුණෑගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව අද (13 දා) විභාගයට ගැණුනු අතර නඩු විභාගයට සහභාගි වී අධිකරණ භූමියෙන් පිටතට පැමිණි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අකරතැබ්බයකට මුහුණදීමට සිදු විය.

අධිකරණයේ ගේට්ටුව ඉදිරිපිටදී මාධ්‍යවේදීන් විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශයක් ලබාගත් අතර ඒ අවස්ථාවේදී එහි පැමිණි අධිකරණයේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරියෙකු විසින් මාර්ගය අවහිර වන බව කියමින් පිරිස එතැනින් ඉවත්කිරීමට කටයුතු කළේය. ‘‘නඩුකාර උන්නාන්සේලා මෙතැනින් යනවා. මහත්තුරු පාරෙන් අයින්වෙන්න කරුණාකරලා. මේ පැත්තට යන්න, මේ පැත්තට යන්න‘‘ කියමින් එම පොලිස් නිලධාරියා විසින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් ඇතුලු පිරිස එතැනින් ඉවත්කිරීමට කටයුතු කරනු ලැබීය.

පොලිස් නිලධාරියාට අවනත වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාධ්‍යවේදීන් අත තිබූ කැමරා ක්‍රියාත්මකව තිබියදීම පාරෙන් එහා පැත්තට මාරු වූ අතර ‘පොලිස් රාජ්‍යය කියන්නේ ඕකට තමයි‘ යැයි පවසන ආකාරයද මෙලෙස කැමරාවෙහි සටහන් වී තිබිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article