Friday, April 26, 2024

මලිදෙව් මේලා කුරුණෑගල දරුවන්ට නොමිලේ !

Must read

මලිදෙව් මේලා 2016 සැණකෙළියට මුදල් ගෙවීමකින් තොරව සහභාගිවීමට අවස්ථාව ලබාදෙමින්, කුරුණෑගල අධ්‍යාපන කලාපය තුළ පිහිටි සියලුම පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් වෙත නිදහස් ප්‍රවේශපත්‍රයක් නිකුත් කර ඇතැයි එහි සංවිධායක මණ්ඩලය කියයි.

එක වසරේ සිට පහ වසදර දක්වා ඉගෙනුම ලබන දරු දැරියන් වෙත නිකුත් කෙරෙන මෙම නිදහස් ප්‍රවේශපත්‍ර කුරුණෑගල අධ්‍යාපන කලාපයට අයත් පාසල් වෙත මේ වන විට භාරදී ඇතැයිද එම සංවිධායක මණ්ඩලය වැඩිදුරටත් කියයි.

මලියදේව විද්‍යාලීයිය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන “මලිදෙව් මේලා 2016“සැණකෙළිය ලබන ඉරිදා (19 දා) කුරුණෑගල මාලිගා පිටියේදී ආරම්භවීමට නියමිත අතර එය ලබන 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

මලිදෙව් මේලා සැණකෙළිය පිළිබදව ජනතාව දැනුම්වත් කිරීම පිණිස පසුගිය දින කිහිපය පුරා ආකර්ශණීය ප්‍රචාරක මෙහෙයුමක් දියත් කෙරුණු ආකාරය දැකගත හැකි විය. එහි එක් අංගයක් ලෙස ජනතාව දැනුවත් කිරීමේ විශේෂ පා ගමනක් පසුගිය සෙනසුරාදා කුරුණෑගල නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.

එම පා ගමනේ විශේෂ අවස්ථාවන් කිහිපයක් පහත දැක්වෙයි.mela_1 mela_4 mela_2 mela_3 mela_5

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article