Friday, April 26, 2024

කලපුවේ ගිලෙන්න ගිය අලි ජීවිත තුනක් ගොඩ දැමූ වනජීවියේ අලි මෙහෙයුම (ඡායාරූප)

Must read

මුන්දලම කලපුවට වැටී අනාරක්ෂිත තත්වයකට පත් වී සිටි වල් අලි තිදෙනෙකු නිරුපද්‍රිතව ගොඩබිමට පළවාහැර, ජනතාවගේ සහ අලින්ගේ ජීවිත යළි ආරක්ෂිත තත්වයට පත්කිරීමට පැය හයකට වැඩි කාලයක් තිස්සේ සිදුකළ මෙහෙයුමකින් පසුව වන ජීවි නිලධාරිහු පිරිසක් ඊයේ (18 දා) සමත් වූහ.

ඊයේ අළුයම් කාලයේදී මුන්දලම, විල්පත ප්‍රදේශයේ සිට කිරියන්කල්ලිය ජනාකිර්ණ ප්‍රදේශය හරහා කලපුව වෙත පැමිණ තිබූ මෙම වල් අලි තිදෙනා කලපුවට බැස එහි සැතපුම් 6 ක පමණ දුරක් ගමන්කිරීමෙන් පසුව උඩප්පුව, පුනපිටිය ප්‍රදේශය ආසන්නයේදී අතරමං වී සිටියහ. ධීවර යාත්‍රාවක ආධාරයෙන් කලපුව මැදට ගමන් කල වන ජීවි නිලධාරිහු පැය දෙකකට වැඩි කාලයක් තිස්සේ කළ මෙහෙයුමකින් අනතුරුව කලපුවට වැටී සිටි අලි තිදෙනා කිරියන්කල්ලිය කළපු වෙරළ වෙත පළමුව පළවාහරිනු ලැබීය. කළපු වෙරළ වෙත පැමිණි වල් අලි තිදෙනා ඒ ආසන්නයේ පිහිටි දුම්රිය මාර්ගය ඔස්සේ පුත්තලම –කොළඹ ප්‍රධාන මාර්ගය මගහැර කැලෑබද ප්‍රදේශයකට පන්නා දමනු ලැබීය. මෙම අලි තිදෙනා තබ්බෝව අභය භූමිය දක්වා පලවා හැරිමට නියමිත බව මෙහෙයුමට එක්ව සිටි වන ජිවි නිලධාරින් පැවසූ අතර ඔවුන් ඒ සදහා සුදානම් වූ අයුරු ඊයේ පස්වරුවේදී දැකගත හැකි විය.

මුන්දලම පොලිසියේ ස්ථානාධිපති, ඊ.බී.එම්.එස්. ඒකනායක මහතා ඇතුලු පොලිස් නිලධාරින් මාර්ගයේ ගමන්කරමින් තිබූ රථවාහන නිසි ලෙස හසුරවමින් වන ජීවි නිලධාරින්ගේ මෙහෙයුම සාර්ථක කරගැනීමට අගනා සහයෝගයක් ලබා දුන්හ. වල් අලින්ට හෝ ජනතාවට හෝ දේපළවලට කිසිදු හානියක් නොවන අයුරින් ඉතා සැලසුම් සහගත සහ සූක්ෂ්ම අයුරින් මෙම මෙහෙයුම දියත් කිරීම පිළිබදව ප්‍රදේශවාසී ජනතාව වන ජීවි නිලධාරින් වෙත සිය ස්තූතිය පළකරති.

මෙම මෙහෙයුම සදහා පුත්තලම වන ජීවි සහකාර අ‍ධ්‍යක්ෂ ඩබ්ලිව්. එම්. කේ. එස් .චන්ද්‍රරත්න මහතාගේ උපදෙස් මත, අඩවි ආරක්ෂක එච්. ඒ. චන්ද්‍රරිසිරි, කිංස්ලි , අඩවි සහකාරවරුන් වන පී. බී. එල්. නිශාන්ත , අයි.බී. සේනාරත්න යන නිලධාරිහු සමග වන ජීවි නියාමකයින් 15 ක පමණ පිරිසක් එක්ව සිටියහ.

අලි මෙහෙයුමේ මාධ්‍ය මෙහෙයුම
පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහගෙනි.munndalama_elepahans_16 munndalama_elepahans_14 munndalama_elepahans_15 munndalama_elepahans_13 munndalama_elepahans_12 munndalama_elepahans_11 munndalama_elepahans_10 munndalama_elepahans_8 munndalama_elepahans_9 munndalama_elepahans_5 munndalama_elepahans_6 munndalama_elepahans_7 munndalama_elepahans_4 munndalama_elepahans_3 munndalama_elepahans_2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article