Friday, April 26, 2024

පුද්ගලික බස් වර්ජනයෙන් කුරුණෑගලට ලොකු බලපෑමක් නැහැ.

Must read

රථවාහන වැරදි කිහිපයක් සම්බන්ධයෙන් අයකෙරෙන දඩමුදල් ඉහළ දැමීමට විරෝධය පළකරමින් පුද්ගලික බස් රථ රියදුරන් සහ ත්‍රිරෝද රථ රියදුරන් පිරිසක් විසින් අද (02 දා) දියත් කළ වැඩවර්ජනයෙන් කුරුණෑගල ජනතාවට එතරම් බලපෑමක් එල්ල වූ බවක් දැකගත නොහැකි විය.

මෙම වැඩවර්ජනයට එක් නොවූ පාසල් ප්‍රවාහන සේවාවන් අද දිනයේදී සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකවීම හේතුවෙන් පාසල් සිසු සිසුවියන්ට ප්‍රවාහන අපහසුතාවලට ලක්වීමට සිදු නොවීය. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ විශාල ප්‍රමාණයක් ගමන්වාර සදහා යොදවා තිබූ නමුත් අද උදෑසන කාලයේ ඒවා මගීන්ගෙන් පිරී ගොස් තිබීම හේතුවෙන් උදෑසන සේවයට වාර්තා කිරීමට ගිය රජයේ සහ පුද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට යම් දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදු වී තිබිණි. නමුත් කාර්යාල වේලාවන් අවසන්වීමත් සමග මගී ප්‍රවාහන කටයුතු සාමාන්‍ය තත්වයට පත් වූ අතර ජනතාව ලංගම බස් රථ යොදාගනිමින් අපහසුතාවයකින් තොරව සිය ගමන් අව්‍යශතා සපුරා ගත්හ.

කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළ කේන්ද්‍ර කරගනිමින් ලංගම බස් රථ විශාල ප්‍රමාණයක් ධාවනයට යොදවා තිබූ අතර වැඩවර්ජනයට එක් නොවූ පුද්ගලික බස් රථ කිහිපයක්ද අද දිනයේදී සාමාන්‍ය පරිදි ධාවනයට එක් වී තිබෙනු දැකගත හැකි විය. කුරුණෑගල නගරය ආශ්‍රිතව සේවා සපයන ත්‍රිරෝද රථවල රියදුරන් අද උදෑසන කාලයේදී කුලී ගමන්වල යෙදීමෙන් වැළැකී සිටි නමුත් දහවල් වන විට ඇතැම් රියදුරන් කුලී ගමන්වල යෙදෙණු දැකගත හැකි විය.වෙනදාට ජනාකීර්ණ ස්ථානයක් බවට පත්වන කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළ ඊයේ දිනයේදී ඉතා සන්සුන් ස්ථානයක් බවට පත්ව තිබූ අතර එහි ගැවසුණේ සීමිත මගීන් පිරිසක් පමණි. වැඩවර්ජනය පිළිබදව දැනුම්වත්වීම හේතුවෙන් සිය ගමන් බිමන් කළමණාකරණය කර ගැනීමට මගී ජනතාව විසින් කටයුතු කර තිබූ බවක් දැකගත හැකිවිය.කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළ සහ ඒ අවට මාර්ගයන් අද දිනයේදී ඝෝෂාකාරී සහ රථවාහන තදබදවලින් මිදුණු ස්ථාන බවට පත්වීම හේතුවෙන් ජනතාව අවහිරයකින් තොරව එම ස්ථානයන් භාවිතා කරනු පෙණිනි.

උදෑසන සේවයට වාර්තා කිරීමට ගිය රජයේ සහ පුද්ගලික අංශයේ සේවක සේවිකාවන්bus_strike_2016_12_9 bus_strike_2016_12_10

කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළ ලංගම බස් රථවලින් පිරී ගොස් තිබූ අයුරුbus_strike_2016_12_1
කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළ ජනශුන්‍යව පැවැති අයුරුbus_strike_2016_12_2 bus_strike_2016_12_3
ජනතාව ලංගම බස් රථ යොදාගනිමින්ගමන් අව්‍යශතා සපුරා ගත් අයුරුbus_strike_2016_12_5 bus_strike_2016_12_4කුරුණෑගල නගරයේ නගරයේ  ත්‍රිරෝද රථ  ගාල් කර තිබූ අයුරුbus_strike_2016_12_6 bus_strike_2016_12_7
සන්සුන් ස්ථානයක් බවට පත්ව තිබූ කුරුණෑගල පැරකුම්බා වීදියbus_strike_2016_12_8

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article