Friday, April 26, 2024

ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් වෙනුවෙන් යුක්තිය ඉටුකරන්නට යහපාලන රජයටත් බැරිවෙයි ?

Must read

ACMF web bannerජනවාරිය කළුය .
ඒ මේ රටේ මාධ්‍යවේදින් ඇතුළු ප්‍රගතිශිලි ජනතාවටය.
තමන්ගේ හිස මතින් දිනයක් රහිත මරණයක් එල්ලෙමින් තිබියදි තමන් දුටු ඇත්ත රටට කියන්නට නිර්භිත වු මාධ්‍ය සගයන් 3 දෙනෙකු රාජපක්ෂ රෙජිමය විසින් බිලිගෙන තිබුනේ මේ ජනවාරියේදිය.
එමෙන්ම මාධ්‍ය ආයතන ගිනි තැබිම් බියවැද්දිම් ඇතුළු තවත් මැර ක්‍රියා රැසක් ජනවාරි මාසයේ නමින් සටහන්ව ඇත.
මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව පැවති මාධ්‍ය මර්ධනයට එරෙහිව භය නැතිව ලියන්න කියන්න පුළුන් වතාවරණයක් බිහිකරලිම සදහා රටවටා යමින් ක්‍රියාකාරි උද්ඝෝෂණ මාලාවක නිරතවිය.
පසුගිය මහමැතිවරණයට පෙර රටේ ප්‍රධාන නගර කිපයක් මුල්කරගනිමින් ක්‍රියාත්මක කරන්නට යෙදුන උද්ඝෝෂණ මලාවේදි ඉල්ලා සිටියේ මාධ්‍යවේදින් ඝාතනය කළ මිනිමරුන්ට දඩවුම් කරන ලෙසය.
2015 දෙසැ 10 වනදා නිදහසේ වේදිකාව විසින් සංවිධානය කරන්නට යෙදුන මානව හිමිකම් දින සමුළුවේදි ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණ සිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පසුගිය කාලය තුල ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් ඇතුළු මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් 44 දෙනෙකු නාමලේඛනයක් භාර දෙමින් මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව විසින් ඉල්ලා සිටියේ ඝාතනයට ලක්වුවන්ට සාධාරණය ඉටු කරන ලෙසය.
මෙම ලයිස්තුව පොලිස්පතිතුමාගේ අවධානයටද යොමු කළෙමු.
කෙසේ වෙතත් අප හමුවේ දිගහැරෙමින් ඇත්තේ එතරම් සුභදායි අනාගතයක් නොවේ.
ප්‍රගීත් එක්නැළිගොඩ පිළිබදව පරික්ෂණ විවිධ බාධාවන් එල්ලවෙමින් ඇති බව සැලය.
ලසන්ත ඝාතනය පිළිබද පරික්ෂණ මන්දගාමි වි ඇත.
ඝාතනයට ලක්වු කිසිදු දමිල මාධ්‍යවේදියෙකු පිළිබදව මේ දක්වා කිසිදු පරික්ෂණයක් අඩුම තරමින් ක්‍රියාත්මකව පවතින්නේද නැත .
මේ පසුබිම යටතේ මේ රටේ මාධ්‍ය සංවිධාන වෙත බරපතල වගකිමක් පැවරි තිබේ.
එනම් නිරන්තරයෙන්ම රජයට බලකරන සංස්කෘතියක් රටතුල ස්ථාපිත කරමින් මාධ්‍යවේදින් ඝාතනය කළ තැනැත්තන් තරාතිරම නොබලා නීතිය හමුවට පැමිණවිම පිලිබදවය.

Edit

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article