Friday, April 26, 2024

“ ගැටඹේ ශ‍්‍රීලනිප රැළිය සන්ධාන රැළියක් ලෙස ඇගවීමේ සන්ධාන මහලේකම්ගේ උත්සාහය හෙළාදකිනවා ! “

Must read

asanka_gatamabe_1එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සහෝදර පක්ෂ කිසිවක් සහභාගි නොවන බව දැනුම්දී තිබියදීත් මහනුවර ගැටඹේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළිය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව සංවිධානය කරන එකක් බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා විසින් ගෙනයන සාවද්‍ය ප‍්‍රචාරයන් තරයේ හෙළාදකින බව ශ‍්‍රී ලංකා මහජන පක්ෂයේ නායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උපලේකම් අසංක නවරත්න මහතා කියයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිහිටුවාගැනීමේදී ඊට අත්සන් තැබූ මහජන එක්සත් පෙරමුණ, ශ‍්‍රී ලංකා මහජන පක්ෂය සහ දේශ විමුක්ති ජනතා පක්ෂය යන සන්ධානයේ නිල සාමාජික පක්ෂ මෙන්ම සන්ධානය සමග එක්ව කටයුතු කරන සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුලු තවත් පක්ෂ 27 ක් ගෝල්ෆේස් පිටියේදී පැවැත්වෙක ඒකාබද්ධ විපක්ෂ මැයි රැළියට සහභාගිවීමේ සූදානමින් සිටින බව හෙතෙම පැවැසීය. එම පක්ෂවල නියෝජිතයින් කිසිවෙකුත් ගැටඹේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළියට සහභාගි නොවන තත්වයක් තුළ ශ‍්‍රීලනිප මැයි රැළිය එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්ව සංවිධානය කරන එකක් බවට සන්ධාන මහලේකම්වරයා විසින් සාවද්‍ය ප‍්‍රචාරයක් ගෙනයමින් ඇති බවද නවරත්න මහතා පැවසීය. ඒ බව සදහන් කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලිපි ශීර්ෂයද භාවිතා කරමින් මහින්ද අමරවීර මහතා විසින් සන්ධානයේ සාමාජිකයින් වෙත ලිපි යවා ඇති බවත්, එවැනි ලිපියක් තමා වෙතද ලැබී බවත් හෙතෙම පැවසීය. සන්ධාන මහලේකම්වරයා සහභාගි වූ පමණින් ගැටඹේ රැළිය සන්ධානයේ මැයි රැළියක් නොවන බවත්, සන්ධානයේ සියලු සාමාජිකයින් සහභාගිවන සැබෑ මැයි රැළිය පැවැත්වෙන්නේ ගෝලෆේස් පිටියේදී බවත් නවරත්න මහතා පැවසීය. එබැවින් ගැටඹේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන මැයි රැළිය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව සංවිධානය කරන එකක් බවට ගෙනයන සාවද්‍ය ප‍්‍රචාරයන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උප ලේකම්වරයා ලෙස තමන් දැඩිව හෙළාදකින බවද අසංක නවරත්න මහතා වැඩිදුරටත් පැවසීය.asanka_gatamabe_2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article