Friday, April 26, 2024

ඩෙංගු , නගරය ගිලගෙන තිබියදීත් කුරුණෑගල රෝහලේ OPD ප‍්‍රතිකාර බල්ලන්, පූසන් සපා කෑ අයට විතරයි !

Must read

dr_strike

කොළඹදී පැවැති සිසු පා ගමනකට පොලිසිය විසින් කළ පහරදීමකට විරෝධය පළකිරීම සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් අද  ( 22 දා) ක‍්‍රියාත්මක කළ වෛද්‍ය වැඩවර්ජනය හේතුවෙන් ප‍්‍රතිකාර ලබාගැනීමට කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණි රෝගීහු දැඩි දුෂ්කරතාවයට පත්වූහ.

අද පෙරවරු 8 ආරම්භ වූ මෙම වැඩවර්ජනයට සහය පළකරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ බාහිර රෝගී ප‍්‍රතිකාර අංශයේදී සහ සායනවලදී රෝගීන් පරීක්ෂා කිරීමේ කටයුතුවලින් වෛද්‍යවරුන් ඉවත් වී සිටියහ. මේ නිසා ප‍්‍රතිකාර අපේක්ෂාවෙන් රෝහලට පැමිණි ගැබිණි මව්වරුන්, වියපත් පුද්ගලයින් සහ ළමා ළපටින් ඇතුඵ රෝගීහු විශාල පිරිසකට ප‍්‍රතිකාර නොලබාම ආපසු හැරී යන්නට සිදුවිය. වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේදී අද  පැවැත්වීමට නියමිතව තිබු දෛනික සායන ගණනාවක් අවලංගු කිරීමට සිදුවූ අතර හෙද කාර්ය මණ්ඩලය විසින් එම සායනවලට පැමිණි රෝගීන් සදහා ඉදිරි දින නිකුත්කරනු ලැබීය. කුරුණෑගල සහ ඒ අවට ප‍්‍රදේශවල මේ දිනවල පවතින ඩෙංගු අධිවසංගත තත්වය හේතුවෙන් උණ ඇතුලු විවිධ රෝගබාධ සහිත පුද්ගලයින් විශාල ප‍්‍රමාණයක් බාහිර රෝගී ප‍්‍රතිකාර අංශය වෙත පැමිණි නමුත් ‘‘ සතුන් සපාකෑමට ලක් වූ රෝගීන් සදහා පමණක් ප‍්‍රතිකාර කරනු ලැබේ. ’’ යැයි සදහන් පුවරුවක් එම අංශයේ ප‍්‍රදර්ශණය කර තිබෙනු දැකගත හැකි විය. කුරුණෑගල ශික්ෂණ රෝහලේ පැවැත්වෙන වෛද්‍ය සායන සදහා සහභාගිවීමට අද අලුයම් කාලයේ සිට එහි පැමිණ සිටි රෝගීහු විශාල පිරිසක්ද වෛද්‍ය වර්ජනය හේතුවෙන් දැඩි අපහසුතාවයට පත් වී සිටි අතර ඉතා දුරබැහැර ප‍්‍රදේශයන්හි සිට කුරුණෑගල රෝහලට පැමිණ සිටි රෝගීහු විශාල ප‍්‍රමාණයක්ද ඒ අතර වූහ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කදන්ගමුව මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම පැවසුවේ වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් රෝහලේ බාහිර රෝගී ප‍්‍රතිකාර ඒකක සහ සායනවල ප‍්‍රතිකාර කටයුතු අඩාල වූ නමුත් නමුත් හදිසි ප‍්‍රතිකාර, හදිසි ශල්‍යකර්ම සහ දැඩි සත්කාර ඒකකවලට අදාළ රෝගී සත්කාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ බවය. කුරුණෑගල සහ ඒ අවට ප‍්‍රදේශයන්හි පැතිරයමින් තිබෙන ඩෙංගු අධිවසංගත තත්වය පිළිබදව සැලකිල්ලට ගනිමින් ඩෙංගු රෝගීන් ප‍්‍රතිකාර ලබන වාට්ටුවල වෛද්‍යවරුන් සාමාන්‍ය පරිදි රාජකාරියේ යෙදුණු බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ප‍්‍රතිකාර සදහා පැමිණ අපහසුතාවයට පත් වී සිටි රෝගීහු

dr_strike_1 dr_strike_2

බාහිර රෝගී අංශයේ බෙහෙත් නිකුත් කිරීමේ කවුඵ පාලුවට ගොස් තිබූ අයුරුdr_strike_3

වර්ජනය හේතුවෙන් බාහිර රෝගී අංශය සහ සායන හිස්ව තිබූ අයුරු.dr_strike_4 dr_strike_5

වෛද්‍යවරුන්ගේ මේස අද දිනයේදී දිස්වූයේ මෙලෙසිනි.  dr_strike_6

බාහිර රෝගී ප‍්‍රතිකාර අංශයේ ප‍්‍රදර්ශණය කර තිබූ පුවරුවක්.dr_strike_7

වෛද්‍යවරියක් වාට්ටුවක ප‍්‍රතිකාරවල යෙදෙන අයුරු.

dr_strike_8

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article