මාදම්පේ – වාලහේන යොවුන් සේනාංකයේ පුහුණුව ලබන ලද 2026 වසරේ දෙවැනි කණ්ඩායම විසිර යාම පසුගිය 15 වැනිදා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මැදගම අභය ආදර්ශ විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී සිදු කරන ලදි.

තොරතුරු තාක්ෂණය,ඉංග්‍රීසි,ජීවන කුසලතාවය,නායකත්වය,පෞරුෂ වර්ධන ආදී විෂයන් පිළිබද පාඨමාලාවන් හැදෑරූ යොවුන් කැඩෙට් වරුන් සහ කැඩෙට්වරියන් 115 දෙනෙකු මෙම අවස්ථාවේදී විසිර ගියේය.
දක්ෂතම කැඩෙට්වරයා ලෙස ඩබ්ලිව්.එම්.එස්.ටී.වීරකෝන් ද,දක්ෂතම කැඩෙට්වරිය ලෙස වයි.එම්.ඩී.ජී.යාපා ද නියෝජ්‍ය ඇමතිවරයා විසින් මෙහිදී ඇගයීමට ලක් කරන ලදි.
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී හිරුණි විජේසිංහ,හලාවත ප්‍රාදේශීය සභාවේ සභාපති අරුණ ශ්‍රී ආනන්ද,කළුතර දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත්, යන මහත්මා මහත්මීන්ද විසිර ගිය කැඩෙට්වරුන් සහ කැඩෙට්වරියන්ගේ දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය. වාලහේන යොවුන් සේනාංකයේ මධ්‍යස්ථානාධිපති මේජර් දිනේෂ් කටුගම්පල මහතා විසින් මෙම විසිරයාමේ උත්සවය සංවිධානය කර තිබුණි.
විසිර ගිය කැඩෙට්වරුන් සහ කැඩෙට්වරියන් විසින් ආරාධිතයින් වෙත සම්මාන ආචාරය පෙළපාලියක්ද මෙහිදී පිරිනමන ලදි.
ජුඩ් සමන්ත







