Sunday, May 5, 2024

ඉදිරියේදී ආක්‍රමණශීලි ශාඛයක් විය හැකි ‘මිමෝසා’

Must read

201

පුත්තලම දිස්ත්‍රික්කයේ වගා බිම් ආශ්‍රීතව හදුනා ගෙන ඇති නිදිකුම්මා විශේෂය මේ වන විට නොවූවත් අනාගතයේදී ආක්‍රමණශීලී විය හැකි බව පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා තරංගිකා ශ්‍යාමලී මහත්මිය පවසන්නීය.

ආණමඩුව,මදුරන්කුලිය සහ හලාවත ප්‍රදේශ වල වගා බිම් ආශ්‍රිතව මෙම ශාඛය දක්නට ඇත.යෝධ නිදි කුම්භා ගසට ඉතා සමාන තාවයක් මෙම ශාඛායේ දක්නට ඇත.පදුරු වශයෙන් මෙන්ම අඩි 04 – 05 ක් උසට,සරුවට මෙම ශාඛය වර්ධනය වන බවක් දක්නට ඇත.
Mimosa Diplotchrika නම් උද්භීත නාමයෙන් මෙම ශාඛය හදුන්වයි.203

රෝස පැහැති පුෂ්ප හට ගන්නා මෙම ශාඛය කටු සහිත බවක්ද දක්නට ඇති බව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකාව සදහන් කරන්නීය.

නිදි කුම්මා කුලයට අයත් මෙම ශාඛය වර්තමානයේදී අක්‍රමණශීලී එකක් වශයෙන් හදුනා ගෙන නැතත් ඉදිරියේදී අක්‍රමණශීලී විය හැකි බවද නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකාව සදහන් කරයි.ගොවි බිම් ආශ්‍රිතව ඇති මෙම ශාඛ විශේෂය තවත් පැතිර යාමට ඉඩ නොදී බීජ හට ගැනීමට පෙර ගලවා විනාශ කරන ලෙස තමන් විසින් කෘෂිකර්ම නිලධාරීන්ට උපදෙස් ලපා දුන් බවද ඇය සදහන් කරන්නීය.

කෙසේ වෙතත් මෙම ශාඛ විශේෂය මහවැලි අධිකාරිය විසින් ආක්‍රමණශීලී ශාඛයක් ලෙහ හදුනා ගෙන ඇති බවක් දැන ගැනීමට ඇත.204 205


ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article