spot_img
spot_img
Wednesday, June 10, 2026
spot_img
spot_img

අනවසරයෙන් කජු කැඩූ පුද්ගලයා වෙඩි තබා මරයි

Must read

ඊ‍යෛ් 09 වැනිදා අළුයම 1.30 ට පමණ වනාතවිල්ලුව – කරතිව් ප්‍රදේශයේ කජු වත්තක කජු කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා මරාදමන ලදී. මෙම සිදුවීම වනාතවිල්ලුව පොලිස් වසමේ කරතිව් ප්‍රදේශයේ හලාවත වැවිලි සමාගම මගින් බදු පදනම මත ලබා දී තිබු අක්කර 50 කජු ඉඩමකදි සිදුව තිබේ. අනවසරයෙන් කජු කැඩිමට ගොස් සිටියදී වෙඩි තබා මරා දමා ඇති පුද්ගලයා සම්බන්ධව පුත්තලම මහෙස්ත්‍රාත්තුමා විසින් මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදු කල අතර පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිම සඳහා මෘත දේහය පුත්තලම රෝහල වෙත රැගෙන ගොස් ඇත. වෙඩි තැබූ මුරකරුවන් දෙදෙනො දෙදෙනා ඇතුළුව මුරකරුවන් 08 දෙනෙකු හා වායු රයිෆල් තුවක්කු 04 ක් සමග පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

වෙඩිතැබීමෙන් මියගිය පුද්ගලයා වනාතවිල්ලුව, සේරක්කුලිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙදරු පියෙකි.

අත්අඩංගුවට ගෙන ඇති වෙඩික්කරුවන්:-

01) පළමු වෙඩික්කරු :- මොහොමඩ් ඉමිතියාස් අවු 35 , වන්නි මුන්දලම, කල්පිටිය.

02.) දෙවන වෙඩික්කරු:- මුහම්මදු හසීම්, වයස 40 කල්පිටිය පාර, එත්තාල කොළණි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article