Sunday, May 19, 2024

ජනතාවට පාන් තිත්ත වෙයි; ”චූන් පාන්” අඩාල වෙයි

Must read

පාන් ගෙඩිය රුපියල් තුන් සියය දක්වා මිල ඉහළ යන බවට මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමත් බේකරි නිෂ්පාදන මිල ඉහල යාමත් සමඟ ජනතාව පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිලදී ගැනීම සැලකිය යුතු ලෙස අඩු වී තිබේ.මේ හේතුවෙන් “චූන් පාන්” යනුවෙන් ජනතාව අතර ප්‍රචලිත පාන් ඇතුළු බේකරි නිෂ්පාදන ජංගම අලෙවි රථ ධාවනය ද මේ වන විට සැළකිය යුතු ලෙස පහත වැටී ඇත.විශේෂයෙන් ගම්බද ප්‍රදේශ වල ධාවනය වන මෙම අලෙවි රථ වල නිෂ්පාදන අලෙවි කර ගැනීම පිණිස නාගරික ප්‍රදේශ වලට සාපේක්ෂව වැඩි දුරක් ධාවනය කිරීමට සිදු වීම නිසා ඉන්ධන සඳහා අධික මිලක් වැය කිරීමට සිදු වීම මත එම ජංගම අලෙවි රථ ධාවනය මේ වන විට අඩාල වී ඇති බව පැවසෙයි.මේ අතර සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසන්නේ දැනටමත් කුලී පදනමින් පවත්වාගෙන ආපන ශාලා 35% ක් පමණ පාන් ඇතුළු බේකරි නිෂ්පාදන අලෙවිය පහත වැටීම මත වසා දමා ඇති බවයි.මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන බේකරි හිමියන් පවසනුයේ මේ වන විටත් රුපියල් 180ක සීමාවේ පවතින පාන් ගෙඩියක මිල වර්තමානයේ පවතින පිටි මිලට සාපේක්ෂව රුපියල් 300 තෙක් ඉහළ නැංවිය යුතු බවට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පළ කළ “අනාවැකියක්” සත්‍යයක් සේ ජනතාවට ඒත්තු යාම නිසා මේ තත්වය උද්ගත වී ඇති බවකි.පවතින තිරිඟු පිටි මිල අර්බුදය හමුවේ දිවයින පුරා ඇති බේකරි 7000 ප්‍රමාණයෙන් 2000ක් පමණ වැසී ඇතැයි ඒ මහතා ප්‍රකාශ කළ ද ඔහුගේ එම ප්‍රකාශය මත පදනම් ව තවත් සැලකිය යුතු අතිරේක බේකරි ප්‍රමාණයක් ද වැසී යමින් පවතින බවට බේකරි හිමියෝ චෝදනා නඟති.ඔවුන් පවසනුයේ පාරිභෝගිකයන් පසුගන්වන ජයවර්ධන මහතාගේ එම ප්‍රකාශය තමන් හෙලා දකින බවකි. ජනතාව මෙලෙස පාන් ඇතුළු බේකරි නිෂ්පාදන පරිභෝජනයෙන් වැළකී සිටීමත් සමඟ ඒ සඳහා ආදේශකයන් වන කොස්,දෙල්,අල,බතල වල මිල ශීඝ්‍රයෙන් ඉහළ නැඟෙමින් පවතින බව වාර්තා වෙයි.

උපුුු ගැනීම -vinivida.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article