Sunday, May 19, 2024

දේශපාලකයින් පුත්තලමේ පරිසරය වනසන විට වයඹ පලාත් පරිසර අධිකාරිය නිදිද ?

Must read

118915791_655539945342303_4517903337000168940_n
(10.16am) වනාතවිල්ලුව, කුරටියාමොට්ටේ  ප්‍රාදේශයේ  කපා දමා ඇති අක්කර 100ක පමණ ප්‍රෙද්ශයේ වටිනා ගස් වර්ග තිබී ඇති බවත් මේ වනවිට  නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කර අවසන් බවත් එම ප්‍රෙද්ශය නිරීක්ෂණය කරන විට පැහැදිලි වන කරුණකි.  10 වනදා වයඹ හඬ සුරැකීමේ සංවිධානය විසින් එම ප්‍රෙද්ශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබුණ අතර ඔවුන් මෙම අක්කර 100ට අමතරව කපාදමා තිබූ තවත් භූමියක් පිළිබදව ද විමර්ශනය කරන ලදී. පසුගියදා වනාතවිල්ලුව පොලීසිය විසින් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුනේ එම ගස් කැපීම සම්බන්ධයෙනි. එහිදී එම සැකකරුවෙකුගේ බිරිද විසින් හඩාවැටෙමින් කිසා සිටින්නේ තම සැමියා ගස් කැපූ බවත් එම ප්‍රෙද්ශය කුඩා ප්‍රෙද්ශයක් බවත්, ඊට වඩා මහා පරිමාණයෙන් ගස් කපා විනාශ කළ පුද්ගලයන් එලියේ සිටන අතර ඔවුන්ව අත්අඩංගුවට නොගන්නා බවයි. මේ ආකාරයට වනාත විල්ලුව ප්‍රෙද්ශයේ මෙන්ම පුත්තලම් දිස්ත්‍රික්කයේ සිදුවන දැව ජාවාරම පසුගිය කාලය පුරාවටම සිදුකෙරෙමින් තිබෙන අතර තට්ටු මාරුවට බලයට පැමිණෙන දේශපාලන පක්ෂ වල දේශපාලකයින් සහ ආධාරකරුවන්ගේ සෘජු මැදිහත්විමෙන් මෙම ජවාරම් සිදුකරන බව පැහැදිලිය. ඉස්සන් වගාව සදහා ද නීති විරෝධී ආකාරයට කඩොලාන සහ අදාළ පරිසරය වනසන ආකාරය පසුගියදා මාධ්‍ය මගින් හෙළිදරව් කරන ලදී.  වයඹ හඩ පරිසර සුරුකිමේ සංවිධානය  පවසන්නේ මෙම පරිසර විනාශයට එරෙහිව වීමට සෘජ්වම හැකියාව ඇති ප්‍රධාන ආයතනයක් වන්නේ වයඹ පලාත් පරිසර අධිකාරිය බවයි. නමුත් මේ වනතෙක් එම ආයතනයේ කිසිදු බලධාරියෙකු විනාශයට එරෙහිව හෝ එය නැවත්විමට අදාළ ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට   වයඹ  හඬ පරිසර සංවිධානය චෝදනා කරයි. මේ සම්බන්ධයෙන් සදනක් කරමින් පරිසරවේදී ,නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ද ප්‍රකාශ කර තිබුණේ  මෙම විනාශය වහාම නතර කිරීමේ බලය වයඹ පලාත් පරිසර අධිකාරිය සතුව තිබෙන බවයි.

උපුටා ගැනීම
එවන් අවස්ථාවලදී ක්‍රියා කලයුතු ආකාරය ජාතික පාරිසරික පනතේ 24ආ වගන්තියේ දක්වා තිබේ.ඒ අනුව මෙම කටයුත්ත වහාම නතරකිරීමට විධානයක් නිකුත් කිරීමේ බලය මධ්‍යම පරිසර අධිකාරිය සතු වේ.එමෙන්ම මෙම විධානයට යමෙක් අවනත නොවී කටයුතු කරන්නේ නම් පනතේ 24ආ(2) උප-වගන්තිය අනුව ක්‍රි්‍යාත්මක වෙමින් මෙය ප්‍රදේශයට බලය තිබෙන මහේස්ත්‍රාත් අධිකරනය වෙත කරුනු ඉදිරිපත් කර එම කටයුත්ත තහනම් කරන ලෙස අදිකරන ආඥාවක් ලබා ගැනීමට ක්‍රියා කල හැක.
නමුත්,මේ ප්‍රදේශය තිබෙන්නේ වයඹ පලාත තුල නිසා වයඹ පලාත් පරිසර ප්‍රඥප්තිය යටතේත් මීට එරෙහිව ක්‍රියා කල හැකිවේ.එමෙන්ම වයඹ පලාත තුල ක්‍රියාත්මක වන්නේ මෙම ප්‍රඥප්තිය පමනක් බවත් එම ප්‍රඥප්තිය යටතේ පිහිටුවා තිබෙන ආයතනය වන වයඹ පලාත් පරිසර අධිකාරිය විසින් පවසන්නේ කලක් සිටය​.
ඒ කෙසේ වෙතත්,වයඹ පලාත් පරිසර ප්‍රඥප්තියේ 51 වන වගන්තිය යටතේත් මෙය වහාම නතර කරන ලෙස විධානයක් කිරීමටත්,එය අවශ්‍ය නම් අධිකරනයෙන් අධිකරන නියෝගයක් ලෙස බලාත්මක කර ගැනීමටත් හැකිය​.බලය තිබෙන්නේ තමන් සතු වගකීම් සහ යුතුකම් ඉටුකිරීමටයි.ඒ නිසා තම පලාත තුල අනන්‍යව තිබෙනවා යැයි වයඹ පලාත් පරිසර අධිකාරිය විසින් ප්‍රකාශකරන බලය පාවිච්චි කරමින් ඔවුන්ට මෙම විනාශයන් වලක්වාලීමේ විශාලතම වගකීම මේ නිසා හිමිවී තිබේ.එය එසේ සිදුවේද යන්නත් විමසා බැලීමට මෙය තවත් අවස්ථාවකි.

119045168_655540145342283_1756999672952433975_n
වනාතවිල්ලුව ප්‍රෙද්ශයේ තවත් භූමියක ගස් කැපිම සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවෙකුගේ බිරිද
118820545_1270311003332025_5905120376855808005_n
වයඹ හඬ පරිසරය සුරැකීමේ සංවිධානය විසින් වනාතවිල්ලුව කුරටියාමොට්ටේ ප්‍රෙද්ශයේ අක්කර සියයක පමණ ගස් කපා ඇති භූමිය පරීක්ෂා කරන අවස්ථාක්119064075_655539775342320_9199195292549827228_n

118579574_652003035695994_3733714778407232133_n118700824_4576789932361265_5909465706708619075_o

 
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article