Saturday, May 18, 2024

පුත්තලම නගරයේ මහා පරිමාණයෙන් සිදුකළ මත්කුඩු ජවාරම

Must read

1599889909855_WhatsApp Image 2020-09-12 at 09.39.17   1599889914150_WhatsApp Image 2020-09-12 at 09.39.18යතුරු පැදි හා මෝටර් රථ යොදා ගෙන පුත්තලම නගරය තුළ මහා පරිමානයෙන් මත්කුඩු බෙදා හැරිමේ ජාවාරමක් පවත්වා ගෙන ගිය කල්ලියක නායකයා හා රුපියල් ලක්ෂ 15ක් වටිනා මුදල් හා හෙරෝයින් තොගයක්ද වාහන කිහිපයක්ද අද ( 12 දා ) අළුයම අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.
මෝටර් රථයකින් පුත්තලම නගරයට මත්කුඩු ගෙන එන බවට ලත් තොරතුරක් අනුව පබුත්තලම පෙලොස් විෂ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරින් සිදු කළ වැටලිමක දි පැමිණි මෝටර් රථය නවතා පරික්ෂා කළ අවස්ථාවේ දි එහි තිබි හෙරෝයින් මත්කුඩු ග්‍රැම් 75 ක් සහ රුපයල් ලක්ෂ දෙලක්ෂ හැට දෙදහස් පන්සියයක මුදලක් ද මෙහිදි සොයා ගත් බවත් කියයි. වාහනයේ සිටි පුත්තලම තිල්ලඩියේ පදිංචි 45 වන වියේ පසුවන පසු වන සැකකරුගෙන් ප්‍රශ්ණ කිරිමේ දි ඔහු විසින් පුත්තලම ප්‍රෙද්ශ්‍ය තුළ මත්කුඩු බෙදා හැරීමට යොදාගත්   තවත් මෝටර් රථයක්ද යතුරු පැදි දෙකක්ද අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු පුත්තලම අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
පුත්තලම පොලිසිය පරික්ෂණ සිදු කරයි.1599889916892_WhatsApp Image 2020-09-12 at 09.39.23WhatsApp Image 2020-09-12 at 09.39.191599889880652_WhatsApp Image 2020-09-12 at 09.39.24

හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article