Friday, May 17, 2024

පහළො‍වේ දැරිය මවක කළ හතලිස් පහේ කසිප්පු ජාවාරමා මාට්ටු !

Must read

adu_wayas_mawaවයස අවුරුදු පහළොවක දැරිවියක දූෂණය කර ඇයට දරු ගැබක් ලබාදීමෙන් අනතුරුව ඇයව රවටා දෙමව්පියන් භාරයෙන්ද පන්නාගෙන ගිය දංකොටුව, මෝරුක්කුලිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි දෙදරු පියෙකු බව කියන කසිප්පු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලිසිය කියයි.

මෙම නරුමයා දැරියගේ නිවස අසල ළදු කැලෑවක කසිප්පු පෙරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය ජාවාරම්කරුවෙකු බවත්, ඔහු දැරියගේ නිවසට නිතර යමින් එමින් ඇගේ දෙමව්පියන් සමග දැඩි හිතවත්කමක් පවත්වාගෙන ගොස් ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එලෙස සිටියදී මෙම දැරිය පසුගිය මාර්තු මාසයේදී හිටිඅඩියේ නිවසින් අතුරුදන් වී ඇති අතර, ඇගේ මව්පියන් විසින් ඒ පිළිබදව දංකොටුව පොලිසියට පැමිණිල්ලක්ද කර තිබේ.

දංකොටුව පොලිසිය විසින් ඒ පිළිබද පරීක්ෂණ පවත්වමින් සිටියදී කුලියාපිටිය මූලික රෝහලෙන් දංකොටුව පොලිසිය වෙත පසුගිය දිනෙක ලැබුණු පණිවිඩයකින් කියැවී ඇත්තේ උදරාබාධයකට ප‍්‍රතිකාර ගැනීම සදහා බව කියමින් රෝහලට ඇතුළත් කළ දංකොටුව, මොහොට්ටුමුල්ල ප‍්‍රදේශයේ පදිංචි බාලවයස්කාර දැරියක් විසින් රෝහලේදී දරුවෙකු බිහිකර ඇති බවය. ඒ අනුව කුලියාපිටිය මූලික රෝහල වෙත ගිය දංකොටුව පොලිසියේ නිලධාරීන් එම දැරිවියගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී ඇය මාර්තු මාසයේදී මෝරුක්කුලියේ නිවසින් අතුරුදහන් වූ දැරිය බවට හෙළිකරගෙන තිබේ. දැරියගෙන් දිගින් දිගටම කළ ප‍්‍රශ්ණ කිරීම්වලදී තමා ප්‍රසූත කළ දරුවාගේ පියා තම නිවස අසල කසිප්පු ජාවාරමක් පවත්වා‍ගෙන ගිය තැනැත්තා බවටද ඇය විසින් හෙළි කර තිබේ.

දෙමව්පියන් නිවසේ නොසිටි අවස්ථා කිහිපයකදී තම නිවසට පැමිණි සැකකරු විසින් තමා දූෂණය කළ බවත්, මේ හේතුවෙන් තමා ගැබ්ගත් බවත් දැරිය විසින් පොලිසියට ප්‍රකාශයක් ලබා දී තිබේ. තමා ගැබ්ගෙන ඇති බව සැකකරුට පැවසීමෙන් අනතුරුව තමා විවාහ කරගන්නා බව පැවසූ නිසා ඔහු සමග නිවසින් පලාවිත් කුලියාපිටිය ප‍්‍රදේශයට පැමිණි බවද දැරිය විසින් හෙළි කර තිබේ.

කුලියාපිටිය ප්‍රදේශයේ නිවසක මෙම දැරිය සමග මාස හයක් තිස්සේ ජීවත් වී ඇති කසිප්පු ජාවාරමා දැරියට දරුවා ලැබීමට ආසන්න වූ විට බඩේ ආමාරුවක් බව කියමින් ඇයව රෝහලට ඇතුළත් කර ඇති බවත්, ඉන් පසුව රෝහල පැත්ත පළාතකටවත් පැමිණ නැති බවද පොලිසියි කියයි. දැරියගෙන් හෙළි කරගත් තොරතුරුවලට අනුව කුලියාපිටිය ප්‍ර‍දේශයේ නිවසක සැගවී සිටියදී සැකකාර කසිප්පු ජාවාරමා අත්අඩංගුවට ගෙන ඇති අතර දංකොටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප‍්‍රදීප් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරික්ෂණ පැවැත්වෙයි.

හලාවත ඔගස්ටින් ප‍්‍රනාන්දු

(ප්‍රවෘත්තිය සදහා යොදාගෙන ඇත්තේ අන්තර්ජාල ඡායාරූපයකි. )

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article