Saturday, May 4, 2024

මන්ත්‍රී සමන්ප්‍රිය අද යළි අධිකරණයට !

Must read

නීතිවිරෝධී මැතිවරණ සංග‍්‍රහයක් පැවැත් වූ බවට සැකපිට කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වයඹ පළාත් සභා මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් මහතා කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද යළි ඉදිරිපත් කිරීමට නියමිතය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මහතාගේද සහභාගිත්වය ඇතිව සමන්ප‍්‍රිය හේරත් මහතාගේ කුලියාපිටිය, අස්වැද්දුමේ පිහිටි නිවසේදී සන්ධාන ආධාරකරුවන් පිරිසකට දිවා භෝජන සංග‍්‍රහයක් පැවැත්වීමෙන් 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 78 වගන්තිය යටතේ මන්ත‍්‍රීවරයා විසින් වරදක් කර ඇතැයි යන චෝදනාව මත පසුගිය 15 වැනිදා විත්තිකාර මන්ත‍්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගතකෙරිණි.

සබැදි පුවත්

අයුතු සංග්‍රහයක් කළැයි මන්ත‍්‍රී සමන්ප‍්‍රිය රිමාන්ඩ් !

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article