පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මහවැව – හොරකැලේ වතු යාය තුළ වැලි කැපීමේ ජාවාරමක් සිදු වන බවට නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කරති.නමුත් පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් කියා සිටින්නේ තම වතු යාය තුළ කිසිදු ජාවාරමක් සිදු නොවන බවත්,සිදු කර ඇත්තේ ව්‍යාපාරික කටයුත්තක් පමණක් බවත්ය.
අක්කර 800 ක විශාලත්වයක් ඇති පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් හොරකැලේ වතු යාය තුළ ප්‍රමුඛ කොට සත්ත්ව පාලනය සිදු කරණු ලබයි.ඒ අතර තුර එම වතු යායයෙන් සැළකිය යුතු ප්‍රමාණයක පොල් අස්වැන්නක් ලබන බවක්ද දක්නට ඇත.එම පොල් වගාව අතර තුර කොටසක වැලි කැපීමේ ජාවාරමක් සිදු වන බවත්,එම හේතුවෙන් දැවැන්ත පාරිසරික හානියක් සිදු වන බවටත් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් චෝදනා කරති.

ජුඩ් සමන්ත








