පරිසර දිනය නිමිත්තෙන් සෑම වසරකටම රජය මෙන්ම රාජ්‍ය නොවන ක්ෂේත්‍රයේ පිරිස් ද පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම මතුකරගැනීමට විශාල අවධානයක් දෙයි. ඒ වෙනුවෙන් විශාල කැපවීමක්,මුදලක් වියදම් කරයි. මේ සියල්ල හොඳය. නමුත් අපිට ලංකාව පුරාම අද වන විට පැතිරී ඇති විශාල අර්බුදයක් වී ඇත්තේ අපද්‍රව්‍ය කළමණාකරනයයි. නාගරික ප්‍රෙද්ශ වල ජනතාව තවමත් තමන් පරිභෝජනය කරන අපද්‍රව්‍ය නිසි ක්‍රමවත් පිලිවෙලකට බැහැර කිරීමට පෙළඹී නොමැති කම නිසා මෙම අපද්‍රව්‍ය පරිසරය විනාශ කරමින්, අපවිත්‍ර කරමින් විශාල පරිසර ප්‍රශ්න රැසක් නිර්මාණය කර තිබේ.

වෙන්නප්පුව ප්‍රා.සභාවේ මැයි මාසයේ මහ සභා වාරයේදී අපද්‍රව්‍ය ගෙනගොස් කොහු මෝලක් ආශ්‍රිත ඉඩමකට දැමීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවිය. මෙම ස්ථානයේ කුණු විශාල වශයෙන් දැමීම නිසා ඒ අවට පදිංචිකරුවන්ටද විශාල දුර්ගන්ධයක් මෙන්ම සෞඛ්‍ය ප්‍රශ්නයක්ද ඇතිවි ඇති බව ශාන්ත පෙරේරා මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් සභාවේ අවධානයට ලක්කරන ලදී.
එම ස්ථානයට වසර කිපයක් පුරා නගර සභාවේ කුණු ගෙන ගොස් දමා ඇති අතර එම ඉඩමේ හිමිකරුද මෙම ක්‍රියාවට දිගටම සිදුකිරීමට ඉඩදී ඇත. එම ස්ථානය වෙලක් ආශ්‍රිත බිමක් නිසා මෙම කුණු අපද්‍රව්‍ය වලින් සැලකිය යුතු කොටසක් මේ වනවිට පුරවා ඇත. මෙම ස්ථානයේ විශාල වශයෙන් ඉටිකොල ,නොදිරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගොඩගසා තිබේ.
ඊට ආසන්නයේම ලුණුවිල වැව පිහිටා තිබේ.
මෙම සම්බන්ධයෙන් වර්තමාන වෙන්නප්පුව ප්‍රා. සභාපතිවරයාගෙන් සහ උප සභාපතිවරයාගෙන් සිදුකරන ලද විමසුමට අනුව ඔවුන් පැවසූවේ මෙම සිදුවීම දැනගත් පසුව එම ස්ථානයට අපද්‍රව්‍ය ගෙනගොස් දැමීම නතර ඇති බවයි. පසුගිය කාලයේ වෙන්නප්පුව ප්‍රා.සභා කුනු ටැක්ටර් වලින් එම ස්ථානයට කුනු ගෙනගොස් දමා ඇති අතර ,පිටස්තර තැන්වලින්ද එම ස්ථානයට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගෙනත් පුරවා ඇති බවත් , මේ වනවිට එම ස්ථානයට පස් දමා ඇති බවත් සභාපතිවරයා පවසන ලදී.
එමෙන්ම කුනු අපද්‍රව්‍ය නිසි ලෙස ප්‍රතිචක්‍රීකරනය කිරීම වෙනුවට පසුගිය රජයන් කාලයේ සිදුකර ඇත්තේ වගුරු ඉඩම් ගොඩකරගැනිමට නගර සභාව විසින් රැස්කරන කුණු ගෙනගොස් දැමිම බවද ප්‍රා.සභාපතිවරයා පවසන ලදී.
ඉදිරි කාලයේදි අපද්‍රව්‍ය වැරදි ස්ථාන වල අතහැර දමා යන පුද්ගලයින්ට නීතිය මගින් ක්‍රියාකරවීම සදහා පොදු ස්ථාන වල කැමරා සවිකිරීමට යෝජිත බවත් කසල කළමනාකරනය සදහා නව ව්‍යාපෘති කීපයක් අැරඹීමට නියමිත බවත් එවායේ අරමුණු නගරය තුළින් එකතු වන අපද්‍රව්‍ය නිසි පරිදි ප්‍රතිචක්‍රිකරනය කිරීම බවත් පවසන ලදී. 









