Sunday, May 5, 2024

මහ වැස්සක් – කළ හදියක් ! ( පුත්තලම )

Must read

ඉදිරි පැය කිහිපය තුළද අඛණ්ඩවම වර්ෂාව ඇද හැලුණහොත් පුත්තලම නගරයේ සහ ඒ අවට පිහිටි මාර්ග ගණනාවක් ගංවතුරෙන් යට වී ගමනාගමන කටයුතුවලට බාධා ඇතිවිය හැකි බවට පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය අනතුරු අගවයි.

පුත්තලම සහ ඒ අවට ප්‍රදේශවලට පැය 24කට ආසන්න කාලයක් තිස්සේ නොකඩවා ඇදහැලෙමින් පවතින වර්ෂාව හේතුවෙන් පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන ගණනාවක් මේ වනවිටත් ජලයෙන් යට වී තිබේ.

මේ අතර පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ තාරවිල්ලුව ප්‍රදේශයේදී අද දහවල් දැවැන්ත සියඹලා ගසක් මාර්ගය හරහා කඩාවැටීම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු පැය දෙකකට ආසන්න කාලයක් ඇණහිටියේය.

පුත්තලම – කොළඹ මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී යන පරිදි මාර්ගය හරහා ඇද වැටී තිබූ මෙම සියඹලා ගස මුන්දලම පොලීසියේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රදේශවාසීන් විසින් කපා ඉවත් කරනු ලැබීමෙන් අනතුරුව ගමනාගමන කටයුතු යථා තත්වයට පත් විය.

පුත්තලම – නලින් හෙන්දුරුගොඩ putthalam _flood1 putthalam _flood2 putthalam _flood3 putthalam _flood6 putthalam _flood4 putthalam _flood5 putthalam _flood7 putthalam _flood8

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article