Saturday, May 18, 2024

වෑන් එක ලයිට් කණුව කඩයි.

Must read

පුත්තලම – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ධාවනයවෙමින් තිබූ වෑන් රථයක් 2 කණුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් සිදු වූ අනතුරකින් අධිබලැති විදුලි රැහැන් කණුවක් කඩා වැටීම නිසා ඊයේ (15 දා ) පස්වරුවේ ඒ අවට ප්‍රදේශයේ විදුලි සැපයීම ඇණහිටියේය.

ඊයේ පස්වරු 5ට පමණ සිදුවු අනතුරෙන් වෑන් රථය පොඩිපට්ටම් වී ඇති අතර වෑන් රථයේ ඉදිරිපස කොටස සහ දකුණු පැත්ත සම්පුර්ණයෙන්ම විනාශ වී තිබූ අයුරු දැකගත හැකි විය.

අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයෙහි ගමන් කර අත්තේ එහි රියදුරු පමණක් වන අතර ඔහුද සුළු තුවාල පමණක් ලබා දිවිගලවා ගැනීමට සමත්විය.

වෑන් රිය ගැටීමෙන් විදුලි කණුව තුන්පොළකින් කැඩී ගොස් ඇති අසල පිහිටි ආපන ශාලාවක තාප්පයටකටද හානි වී තිබේ.

පුත්තලම- නලින් හෙන්දුරුගොඩ

van_lightkanu2 van_lightkanu3 van_lightkanu van_lightkanu4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article