Saturday, May 4, 2024

මාතලේ: අලියට හතරක් සමග අතට එකක්! –සුදර්ශන ගුණවර්ධන

Must read

election visuals @ kurunegala - ajantha -02ඡන්ද කතා-2

#ඡන්දකතා

ඡන්ද කතා ගැන 29 දා දැමූ පෝස්ටුව ගැන සෑහෙන තරමේ සංවාදයක් ඇති වූ බැවින් සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ ලැබෙන ඡන්ද සංඛ්‍යාවට සමානුපාතිකව මන්ත්‍රී ධුර ලැබෙන ආකාරය පැහැදිලි කිරීමට පෙර වෙනත් ආකාරයක උදාහරණයක් ඉදිරිපත් කිරීමට ලියුම්කරු අදහස් කරයි.

1977 පාර්ලිමෙන්තු ඡන්ද විමසීමේදී මාතලේ දිස්ත්‍රික්කය තුළ දඹුල්ල, ලග්ගල, මාතලේ සහ රත්තොට වශයෙන් ඡ්න්ද කොට්ඨාශ 4ක් ස්ථාපිත කර තිබිණි. එම කොට්ඨාශ හතරේම ජයග්‍රහණය එවර හිමිවූයේ අලියා ලකුණෙන් තරග කළ එක්සත් ජාතික පක්ෂයටය.

37. දඹුල්ල- කේ. ඩබ්ලිව් ආර් එම් ඒකනායක- අලියා- 24,793 (59.48%)
38. ලග්ගල- ජේ ජී විජේරත්න බණ්ඩා- අලියා- 13,649 (56.09%)
39. මාතලේ- ඇලික් අලුවිහාරේ- අලියා- 21,945 (70.01%)
40. රත්තොට- පී බී කවිරත්න- අලියා- 22,513 (66.37%)

මේ අනුව සමස්ත ඡන්ද 82,900 ක් ලබාගත් අලියා ලකුණෙන් තරග කළ එක්සත් ජාතික පක්ෂය මාතලේ දිස්ත්‍රික්කයෙහි මන්ත්‍රී ධුර හතරම ජයගත්තේය.

1989 පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී මධ්‍යම පළාතේ මාතලේ ඡන්ද දිස්ත්‍රික්කයෙහි ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 214,938 කි. ඒ අනුව පාර්ලිමේන්තුවට නියෝජිතයන් 5 දෙනෙකු තෝරා පත් කරගැනීමට එම දිස්ත්‍රික්කයට අවස්ථාව ලැබේ. වලංගු මුළු ඡන්ද සංඛ්‍යාව 139,280ක් වූ අතර එයින් ඡන්ද දිස්ත්‍රික්කය සඳහා තරග කළ එක් එක් දේහපාලන පක්ෂය විසින් ලබා ගත් ඡන්ද සංඛ්‍යා පහත පරිදිය.

එක්සත් ජාතික පක්ෂය-අලියා- 88,869 (63.81%)
එක්සත් ලංකා ජනතා පක්ෂය- 2,350 (1.69%)
එක්සත් සමාජවාදී පෙරමුණ- මැටි පහන- 2,344 (1.68%)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-අත- 45,717 (32.82%)

පැරණි කොට්ඨාශ ක්‍රමය අනුව මෙම ඡන්දය පැවැත්වූවා යයි ද, ඒ අවස්ථාවේදී මෙම ඡන්ද විමසීමට සහභාගි වූ පක්ෂ මේ ආකාරයටම තරග කළේ යැයි ද උපකල්පනය කළ හොත්, එම කොට්ඨාශ හතරේම ජයග්‍රහණය එවර හිමිවනුයේ අලියා ලකුණෙන් තරග කළ එක්සත් ජාතික පක්ෂයටය.

1989 පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වුණේ සමානුපාත නියෝජන ක්‍රමය අනුව බැවින් ඉහත දැක්වෙන ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යා අනුව එක් එක් පක්ෂයට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව පහත පරිදි වෙයි.

එක්සත් ජාතික පක්ෂය-අලියා- 88,869 (63.81%)- මන්ත්‍රී ධුර 04
එක්සත් ලංකා ජනතා පක්ෂය- 2,350 (1.69%)- මන්ත්‍රී ධුර 00
එක්සත් සමාජවාදී පෙරමුණ- මැටි පහන- 2,344 (1.68%)- මන්ත්‍රී ධුර 00
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-අත- 45,717 (32.82%)- මන්ත්‍රී ධුර 01

තේරී පත් වුණු මන්ත්‍රීවරුන් පහත පරිදි ය.
එක්සත් ජාතික පක්ෂය-අලියා- 88,869 (63.81%)- මන්ත්‍රී ධුර 04
1. ජේ ජී විජේරත්න බණ්ඩා-මනාප ඡන්ද 31,635
2. ඇලික් අලුවිහාරේ- මනාප ඡන්ද 31,004
3. පී බී කවිරත්න-මනාප ඡන්ද 23,541
4. වී. ජී. ජිනදාස-මනාප ඡන්ද 22,941

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-අත- 45,717 (32.82%)- මන්ත්‍රී ධුර 01
1. නන්දිමිත්‍ර ඒකනායක – මනාප ඡන්ද 17,941

ඡන්ද 45,717 (32.82%) ක් ලබා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රී ධුර 1 ක් පමණක් ලැබෙද්දී ඡන්ද 88,869 (63.81%)ක් ලැබූ එ ජා ප ය ට මන්ත්‍රී ධුර 04 ක් හිමි වුණේ කෙසේද?

ඔබ හිතන්නේ කොහොමද? ඉතිරි ටික හෙට කතා කරමු!.

Sudarshana Gunawardana
-සුදර්ශන ගුණවර්ධන

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article