Wednesday, May 8, 2024

වයඹ මුහුදු තීරය ලංකා සිතියම වෙනස් කරයිද ?

Must read

DSC_1625

පහත පළවන්නේ මහවැව – තොඩුවාව ප්‍රදේශයේ   අද වන විට සිදුවන මුහුදු ඛාදනයේ දර්ශන පෙළකි.  මෙම මුහුදු ඛාදනය මෑත කාලයේ  සීඝ්‍ර වෙමින් ඇති බවත්  කොපමණ ආණ්ඩු පැමිණියත් ගල්වැටි  දැමීම හැරෙන්නට වෙනත් විකල්පයක් ඉදිරිපත් නොවන බවත් ධීවරයින්ගේ අදහසයි.  මෙම මුහුදුඛාදනයේ වේගය වැඩිවීම සම්බන්ධයෙන් තොඩුවාව ප්‍රදේශ ධීවරයින් පවසන්නේ   මුුහුද ගොඩබිමට ඒමේ වේගය වැඩිවීමට  පටන්ගෙන ඇත්තේ  කොළඹ ඉදිවෙමින් පවතින පෝට් සිටි ව්‍යාපෘතිය හේතුවෙන් බවයි. අන්කවරදාටත් වඩා වයඹ වෙරළ තීරය  ඛාදනය වෙමින් පවතින අතර ධීවරයින්ට සිය රස්සා කරගැනීමට වැල්ලක් පවා ඉතිරි වී නොමැති ගානය.  සමහර ප්‍රදේශ වල ධීවරයින්ගේ නිවාස ආසන්නයටම  ඛාදනය සිදුවී ඇත. ගල්වැටි දැමීම තාවකාලික විසඳුමක් බවත් කොළඹ ඉදිකිරීමට ආරම්භ කළ වරාය නගරය හෙවත් පෝට් සිටි ව්‍යාපෘතිය හේතුවෙන් මුහුදු ඛාදනය සීඝ්‍ර වී ඇති බවත් මේ වනවිට ධීවරයින් තරයේ කියා සිටිති. පසුගිය දිනවල පැවති අධික වර්ෂාව සහ දැඩි සුළං හේතුවෙන් නැවතත් මහවැව – තෝඩුවාව වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු ඛාදනය වැඩිවී ඇති අතර ඒ සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙන ලෙස ධීවරයින් ප්‍රදේශයේ දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටීයි.

පහත පළකර ඇත්තේ  මාධ්‍යවේදීන්  විසින් මහවැව සහ තොඩුවාව ප්‍රදේශ වල මේ දිනවල සිදුවන මුහුදු ඛාදනයේ බරපතල විනාශය සම්බන්ධයෙන්   සිදුකර තිබූ චාරිකාවක  දර්ශන සහ සටහන් වේ. 

ඔගස්ටින් ප්‍රනාන්දු – මාධ්‍යවේදී / ලංකාදීප 

මේ දිනවල බලපාන ධාරාණිපාත වර්ෂාවත් සමගම ප්‍රචණ්ඩ මහ මුහුදු රළ ගොඩකරයට බලපෑම් ඇති කරමින් මේ වන විට විශාල හානියක් සිදු කිරිම ආරම්භ කර ඇති බැවින් තම ගේ දොර අහිමිවීමේ තර්ජනයකට තමන් ලක්ව ඇති බව මහවැව උතුරු තොඩුවාව වෙරළාසන්නයේ පදිංචි ධීවර පවුල් වල සාමාජික සාමාජිකාවන් පෙන්වා දෙති. වත්මන් අයහපත් කාලගුණික තත්ත්වය මෙවන් හානියක් කරමින් දරුණු ලෙසින් මුහුදු කෑම ආරම්භ වි ඇති අතර මේ වන විට වාරකන් සුළග හැමිම ආරම්භවි ඇති බැවින් එම සුළගේ බලපෑම ද හෙට අනිද්දා වන විට තවත් ඉහළ යා හැකි බැවින් එවිට සිදුවන හානිය මෙයට වඩා දරුණු විය හැකි බවත් එම ප්‍රදේශවාසි ධීවරයෝ පෙන්වා දෙති. මේ වසරේ අප්‍රියෙල් මස ආරම්භයේ දි මුහුදු කෑම සිදුවු අතර පසුව මුහුදේ ප්‍රචණ්ඩත්වය මදවීම නිසා එම බලපෑම අඩුවු බවත් දැන් බලපාන අයපත් කාල ගුණික තත්ත්වය මත සිදුවන හානිය ඉහළ යමින් පවතින අතර මේ වන විට වෙරළේ ඉදි කර ඇති නිවාස අසලටම මුහුද ළගා වි ඇති අතර හෙට අනිද්දා වන විට තම නිවාස මුහුදට සේදි යා හැකි බවත් කියති. මෙම ව්‍යසනයට විසදුම් ලබා දෙන ලෙසට ඉල්ලා ප්‍රදේශවාසින් විසින් විරෝධතාවක් සිදු කළ අවස්ථාවේ පුත්තලම දිසාවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ නියෝජිතයෙකු පැමිණ එදින විරෝධතාකරුවනට වහාම වෙරළ දිගට ගල් වැටි යෙදිමට පියවර ගැනීමට තම මන්ත්‍රිවරයා පියවර ගනිමින් සිටින බව පැවසීම නිසා එදින විරෝධතකාව අවසන් කරන ලද නමුත් මේ වන තෙක් කිසි ක්‍රමවේදයකින් යුතුව වෙරළට ගල් වැටි දැමීම සිදු නොවන බවත් කියති. මේ වන විට තමන් මුහුදු කෑම වලක්වා ගැනීම පිනිස පොලිතින් උරවලට වැලි පුරවා වෙරළ දිගට තමන නමුත් එය සාර්ථක විසදුමක් නොවන බවත් ඔවුහු පෙන්වා දෙති. පසුගිය 16 වන දින රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු සහ හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රි චිත්‍රාල් ප්‍රනාන්දු යන මහත්වරුන් මෙම ප්‍රෙද්ශයේ නිරික්ෂණ චාරිතවකට එක්වෙමින් තමන් කඩිනමින් උතරු තොඩුවව මුහුදු කෑම වලක්වා ගැනීමට අදාළ බලධාරින්ට උපදෙස් ලබා දෙන බවට ද පොරොන්දුවක් දෙනු ලැබීය.

DSC_1630 (1)තොඩුවාව


 ජුඩ් සමන්ත -මාධ්‍යවේදී /දෙරණ

මහවැව – තොඩුවාව වෙරළ තීරය නැවත වතාවක් දැඩි ලෙස මුහුදු ඛාදනය වන්නට පටන් ගෙන ඇත. වසර කීපයක සිට තොඩුවාව වෙරළ තීරය දැඩි ලෙස මුහුදු ඛාදනයට ලක් විය. එම තත්ත්වයට පිළියමක් ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගලා වැටි යෙදීමද සිදු කර ඇත.නමුත් අවාසනාවකට ගල් වැටි යෙදා ඇති ස්ථාන වලට උතුරින් ඇති වෙරළ නැවත නැවත ඛාදනය වන්නට පටන් ගෙන ඇත.

වෙරළ ඛාදනය අවම කිරීම සදහා වොරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසර තුළ කළු ගල් වැටි 09 ක් යොදා ඇත.මෙම වසර තුර කළු ගල් වැටි 06 ක් යෙදීමට නියමිතව ඇති බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සදහන් කරයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අප වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළේය.”කළු ගල් වැටි 06 ක් යෙදීම සදහා අවශ්‍ය කරන ටෙන්ඩර් කැදවීමක් කලා.ඒ අනුව කළු ගල් ලබා ගැනීම සදහා කොන්ත්‍රාත්කරුවන්ද මේ වන විට තෝරා ගෙන තිබෙනවා.නමුත් කළු ගල් මිළ මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.ඒ නිසා ටෙන්ටර් කරුවන්ට කළු ගල් සැපයීමේදී කිසියම් ප්‍රමාදයක් වී තිබෙනවා.නමුත් මේ වන විට කළු ගල් ලැබෙමින් පවතිනවා.එම කළු ගල් භාවිතා කරමින් වැටි 03 ක් යෙදීම පසුගිය සතියේ ආරම්භ කලා.ඒ අතර තුර පැවති අයහපත් කාළගුණය හේතුවෙන් මුහුද රළු වීම නිසා ඛාදන තත්ත්වය ඉහළ ගියා.සත්‍ය ලෙසම සිදුවී ඇත්තේ මෙයයි.මෙම තත්ත්වය ජනතාවට අවබෝධ කර දෙන්න උත්සාහ කළත් පළක් වී නොමැති බවක්ද දක්නට තිබෙනවා.”යැයි එහි නිලධාරියෙකු පැවසීය.

කෙසේ වෙතත් වෙරළ තීරය විශාල වශයෙන් ඛාදනය වීම හේතුවෙන් තමන් පදිංචි නිවාස පවා මුහුදට බිලිවීමේ අවදානමක් ඇති බව පදිංචිකරුවන් සදහන් කරයි.

තම මුහුදු වෙරල ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමින් පසුගිය මාසයේ තොඩුවාව ගම්වාසීන් විරෝධතාවයකද නිරත විය.නමුත් ඔවුන්ට පිළිතුරක් ලබා දීම සදහා කිසිදු වගකිව යුත්තෙකු එම ස්ථනයට පැමිණ සිටියේයද නැත.

0206 (1)

පුත්තලම් දිස්ත්‍රික්කයේ  වෙරළ ඛාදනය සහ ධීවර ජනතාවගේ ප්‍රශ්නය සම්බන්ධයෙන්  පසුගියදා සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය විසින් සිදුකළ මාධ්‍ය හමුවේදී  එහි ලේකම්, ආරච්චිකට්ටුව ප්‍රා.සභාවේ ජවිපෙ මන්ත්‍රී අජිත් ගිහාන් මහතා දැක්වූ අදහස්. 

106751036_605448867018078_1930754127496059383_n

” මේ වෙනකොට පුත්තලම් දිස්ත්‍රික්කය, බටහිර වෙරළ තීරය බරපතල ලෙස මුහුදු ඛාදනයට ලක්වෙනවා. ඒ වගේම දේපළ අහිමිවීම් විශාල ලෙස සිදුවෙනවා. අපි විශ්වාස කරනවා කොළඹ වරාය නගරය නොහොත් පෝට් සිටි ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසුව තමයි මෙම ප්‍රශ්නය  මෙම තත්ත්වයට භාජනය වුනේ. අපි කවුරුත් දන්නවා පසුගිය කාලේ පුරාම මුතුපන්තිය, තොඩුවාව, කරුකුපනේ ,උඩප්පුව වැනි ධිවර ගම්මාන බරපතල ලෙස මුහුදු කාදනයට ලක්වුණා. මුහුද මේ ජනතාවගේ ගෙවල් අසලටම ඇවිල්ලා ඉවරයි. ඔවුන්ගේ දේපළ අද අහිමි වෙලා තියෙන්නේ. වෙරළ සංරක්ෂණ අධිකාරිය විසින් තාවකාලික විසදුමක් ලෙස ගෙනල්ලා දානවා.  ස්ථීර විසදුමක් මේකට දෙන්න බැහැ කියනවා. මීට පෙර මෙවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. මේ කොළඹ වරාය නගරය ඉදිකිරීමට මුහුදේ වැලි ගත්තට පස්සේ තමයි මේ තත්ත්වයට පත්වුණේ. රජය කරන්නේ ගල්වැටි දාන එකයි. නමුත් එක ගල් වැටියක් දානකොට තව සීමාවක් ඛාදනය වෙනවා ඒ වගේ මෙම ක්‍රියාවලිය දිගටම සිදුවෙනවා. ”


දැඩි මුහුදු ඛාදනයකට ගොදුරුවී ඇති මුතුපන්තිය ධීවර ගම්මානය

185784078_821407258755570_5685510985582344408_n
186532358_821407412088888_8635598701720479470_n

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article