Sunday, May 19, 2024

ශ්‍රී ලංකා ඉදි කිරීම් කර්මාන්ත මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් කෝප් කමිටු සභාපති හමුවෙයි

Must read

copeශ්‍රී ලංකා ඉදි කිරීම් කර්මාන්ත මණ්ඩලයේ නියෝජිතයන් විසින් ඊයේ (22) දින පැලවත්ත ජ.වි.පෙ. මූලස්ථානයේ දී ඉදි කිරීම් ක්ෂේත්‍රයේ විවිධ අංශවල නිරත වෘත්තිකයන් සහ සාමාජික සංවිධාන මුහුණ දෙන ගැටලු පිළිබඳව යෝජනා මාලාවක් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, කෝප් කමිටු සභාපති, සුනිල් හඳුන්නෙත්ති මහතාට භාර දෙන ලදී.

සාකච්ඡා අතරතුරදී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කර සිටියේ ජාතික ජන බලවේගය මගින් ඉදිරිපත් කල ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මෙම ගැටලු සම්බන්ධව ගැඹුරින් අධ්‍යනය කර විසඳුම් ඉදිරිපත් කරඇති බවය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉදි කිරීම් කර්මාන්ත මණ්ඩලයේ රංජිත් ගුණතිලක, ප‍්‍රධාන ලේකම්, ඉංජිනේරු, නිශ්ශංක එච්. විජේරත්න, ජාතික ඉදි කිරීම් සංසදයේ අධ්‍යක්‍ෂ, එන්. ජී. කේ. කරුණාවංශ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යා ආයතනයේ හිටපු සභාපති, වාස්තුවේදී, ඩී. එච්. විජේවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වූහ.

උපුටාගැනීම/ lankatruth.com

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article