Tuesday, May 7, 2024

සුනාමියකදී සිදුකරන ශ්‍රමදාන පන්නයේ මැදිහත් වීමකින් මෙවැනි ව්‍යසනයක් විසඳය නොහැක

Must read

184602840_1359707911077936_805373950347186920_n95% දෙනා මුව ආවරණ භාවිතාවෙන් – දිනකට මරණ 213
වර්තමාන පිළිවෙත් අනුව – දිනකට මරණ 262
තත්වය අතිශය දරුණුවේ නම් – දිනකට මරණ 331
ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්යාලය හා අනුබද්ධ The Institute for Health Metrics and Evaluation (IHME) නමැති ස්වාධීන සමීක්ෂන ආයතනය මගින් සිදුකරන ප්රක්ෂේපණයන් අනුව මේ වසරේ ජුනි මස 13 වනදා වන විට කෝවිඩ් 19 නිසා ලංකාවේ ආසන්න එක් දිනක මරණ සංඛ්යාව ඉහතින් දැක්වේ.

එමෙන්ම අනෙක් වගුවෙන් දැක්වෙන්නේ ඉහත ආකරයන් අනුවම මේ වසරේ සැප්තැම්බර් 01 වන විට සමස්ත මරණ සංඛ්යාවේ ආසන්න අගයන් වේ.

95% දෙනා මුව ආවරණ භාවිතාවේ – සමස්ත මරණ 16,752
වර්තමාන පිළිවෙත් අනුව – සමස්ත මරණ 20,876

තත්වය අතිශය දරුණුවේ නම් – සමස්ත මරණ 30,388

ලංකාවේ වර්තමාන තත්වය හමුවේ ඉන්දියාවේ මේ වන විට ඇති ඛේදනීය තත්වයට සමාන තත්වයක් ඇති නොවන්නේ නම් ඒ ලංකාවේ ජනගනත්තවය අඩු නිසාවෙන් පමණි. මේ සංඛ්යා ලේඛන වලින් තහවුරු කරන්නනේ එයයි.
කෝවිඩ් 19 නිසා ඉතාමත්ම සෞඛ්ය සම්පන්න අයවළුන් මරණයට පත්වේ. තනිව හෝ පොදු වශයෙන් හැකි පමණ ආරක්ෂා වීම පුරවැසියාගේ වගකීමයි. මෙවැනි ව්යසනයන් හීදී වගකිවයුතු ලෙස රජය මැදිහත් වී තත්වය සමනය කිරීමට හෝ ඉදිරියේ දී ඇතිවිය හැකි දරුණු තත්වයකදී මුහුණ දීමට ක්ෂේත්රයේ ප්රවීණයන් යොදවාගෙන කටයුතු කීරීම හැරුණු විට පුරවැසියාට කළ හැක්කේ එපමණයි. එය තමන්ගේ මෙන්ම තමන්ගේ ආදරණියයන් වෙනුවෙනුයි. ඒ වෙනුවෙන් රජයට බල කළයුත්තේ විපක්ෂය ඇතුළු අනිත් දේශපාලණ පක්ෂ රොත්තයි. සමාජ ජාලා වල පලවන ඉල ඇදෙන කෝවිඩ් හිනා ඇරෙන්නට එවන් කිසිදු බල කිරීමක් අහලකවත් දක්නට නොමැත.
රාජ්යයට, හමුදාව හෝ එහි නායකත්වය හෝ යොදවා තම රටේ පුරවැසියන් වූ දෙමළුන් මරා දමා හෝ මැරෙන්නට ඉඩ හැර යුද්දය ජය ගත හැකි විය. රාජ්යයට, හමුදාව හෝ එහි නායකත්වය හෝ යොදවා තම රටේ පුරවැසියන් ජනවර්ග භේදයකින් තොරව මරා දමා හෝ මැරෙන්නට ඉඩ හැර කෝවිඩ් 19 ජය ගත හැකිවෙන්නටත් පුළුවන. මෙවර ඒ දෙමලාට මුසල්මානුවාට අමතරව තමන්ගේ ආදරණියයන්ද ඒ වෙනුවෙන් බිලිවීමට බොහෝවිට ඉඩ තිබේ. බල ලෝභී රාජ්යයට පුරවැසියා යනු බලය ලබා ගනු පිණිස වූ එක කතිරයක් පමණි.
පරිස්සම් වෙමු. නිවරැදි ක්රියාත්මක වීම් වෙනුවෙන් රජයට බල කරමු. සුනාමියකදී සිදු වූ විට සිදුකරන ශ්රමදාන පන්නයේ මැදිහත් වීමකින් මෙවැනි ව්යසනයකදී කළ හැක්කක් නොමැත.
පහත ලින්ක් එකෙන් අදාළ වෙබ් අඩවියට පිවිසිය හැක.

  මහේෂ් මුණසිංහ
Mahesh Munasinghe

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article