Thursday, May 2, 2024

මස්සිනාගේ පොලු පහරින් පොලිස් කොස්තාපල් මරුට !

Must read

pc_murder_kuliyapitiya_5නව වසර උදාව වෙනුවෙන් ළිප තැබූ කිරි මුට්ටිය උතුරායමින් තිබියදී , තම මස්සිනා විසින් එල්ල කළ පොලු පහරකට ලක්ව අවාසනාවන්ත ලෙස දිවියෙන් සමුගන්නට සිදු වූ පොලිස් කොස්තාපල්වරයෙක් පිළිබද පුවතක් කුලියාපිටිය ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි.

නව වසර උදා වී මිනිත්තු කිහිපයකට පසුව මෙලෙස අකාලයේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ කුලියාපිටිය පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි සුමනතිලක නැමති 53 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි. දෙදරු පියෙකු වන මියගිය සුමනතිලක මහතා කුලියාපිටිය, කොස්හේන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

2017 නව වසරට සුබ පතා සුමනතිලක මහතා විසින් ඊයේ මධ්‍යම රාත‍්‍රියේදී ඔහුගේ නිවසේ කිරි ඉතිරවීමක් සිදුකර ඇති අතර එම අවස්ථාවේදී ඔහුගේ බිරිදගේ දුරකථනයට ලැබුණු ඇමැතුමක් මුල්කරගනිමින් අඹුසැමියන් අතර බහින්බස්වීමක් ඇති වී තිබේ. එහිදී කෝපයට පත් බිරිද ඇගේ හිසට ගිනි තබාගෙන ඇති අතර සුමනතිස්ස මහතා එම ගින්න නිවීමට උත්සහ කරමින් සිටියදී යාබද කාමරයක නිදාගෙන සිටි බිරිදගේ සොහොයුරා දිවවිත් කොස්තාපල්වරයාගේ හිසට පොල්ලකින් පහර දී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. පොලු පහරින් හිසට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් පොලිස් කොස්තාපල්වරයා එම ස්ථානයේදීම ජීවිතක්‍ෂයට පත් ඇති බව පොලිසිය කියයි.

පොලු පහර එල්ල කළ බව කියන 33 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පිළිස්සුම් තුවාල ලැබූ කොස්තාපල්වරයාගේ බිරිද කුලියාපිටිය මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවෙයි.

සිද්ධිය වූ නිවසට අද දහවල් පැමිණි කුලියාපිටිය මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා ඒ පිළිබද මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත් වූ අතර දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ලබන 09 වැනිදා කැදවීමට එහිදී නියම කළේය.

කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල කඩුපිටිය, සහකාර පොලිස් අධිකාරීවරුන් වන ජාලිය හීන්කෙන්ද හා නිමල් බණ්ඩාර යන මහත්වරුන්ගේ උපදෙස් මත කුලියාපිටිය වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්‍ෂක රොෂාන් වෙදමුල්ල සහ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක හැරිසන් සෝමසිරි යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක පාලිත හේරත් මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් ඝාතනය පිළිබද වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවති.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

SAMSUNG CAMERA PICTURES

pc_murder_kuliyapitiya_3 pc_murder_kuliyapitiya_4

SAMSUNG CAMERA PICTURES

SAMSUNG CAMERA PICTURES

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article