අත්තම ජාතික වැඩසටහන දන්කොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පහළ මොහොට්ටිමුල්ල වසම පවිත්‍ර කිරීමෙන් ආරම්භ කරන ලදි.අතීත ශ්‍රී ලංකාවේ පැවති ග්‍රාමීය සංස්කෘතික අංගයක් වන ස්වේච්ඡාවෙන් හා සහයෝගීත්වයෙන් හා පොදු යහපත වෙනුවෙන් එක්ව ක්‍රියා කිරීමේ අගයන් නව මුහුණුවරකින් ඉදිරියට ගෙන යෑම අත්තම වැඩසටහනේ අරමුණයි.
මෙම අවස්ථාවට පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මැතිතුමා ඇතුළු දේශපාලන අධිකාරිය, දන්කොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය හා මාණ්ඩලික නිලධාරීන් ,දන්කොටුව පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු ආරක්ෂක අංශය ,මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන් ඇතුළු නිලධාරීන් හා ප්‍රදේශවාසීන් සහභාගි විය.












