
කල්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා හැර සෙසු සියළුම නිලධාරීන්ව ස්ථාන මාරු කර යැවීමට පුත්තලම කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නියෝග කර ඇත.
ඒ අනුව පොලිස් නිලධාරීන් 24 දෙනෙකු වහාම ක්රියාත්මක වන පරිදිද,තවත් නිලධාරීන් 15 දෙනෙකු සදහා ජුනි මස 10වෙනිදා සිට ක්රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් නියෝග නිකුත් කර ඇත.මෙම නිලධාරීන් සියළුම දෙනා ස්ථාන මාරු වීම් සිදු කර ඇත්තේ පුත්තලම පොලිස් කොට්ඨාසයේ වෙනත් පොලිස් ස්ථාන වෙතය.
ස්ථාන මාරුවීම් ලද නිලදාරීන් වෙනුවට පුත්තලම කොට්ඨාසයේ පොලිස් ස්ථාන වල සේවය කරමින් සිටි නිලධාරීන් 35 දෙනෙකු වහාම ක්රියාත්මක වන පරිදි කල්පිටිය පොලීසියට ස්ථාන මාරු කිරීමටද පුත්තලම කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා කටයුතු කර ඇත.







