Friday, April 26, 2024

සුසන්තගේ ජාතිවාදී ක්‍රියා වලට මහජන බදුමුදලින් නඩුගාස්තු ගෙවිය යුතුද ?

Must read

dankotuwa2(8.35 am) වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපතිවරයා විසින් දංකොටුව පො⁣ළට මුස්ලිම් ව්‍යාපාරිකයින්ගේ පැමිණීම  තහනම්  කිරීමට  ජුනි මාසයේදී  දැරෑ උත්සාහය පිළිබඳව මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුවී අැති බව ඊයේ  (12) පැවති වෙන්/ප්‍රාදේශීය සභා රැස්වීමේදී යෝජනා කර තිඛේ.
මෙහිදී  සභාපතිවරයාගේ  පාර්ශ්වය විසින් මෙම යෝජනාව සිදුකර ඇත්තේ කුමන අරමුණකින්ද යන්න ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි  ටී.බී.ඩී. ඇන්ටන් කුමාර  මහතා විසින් විමසා ඇති අතර පිළිතුරු ලෙස ලැබී ඇත්තේ මෙම ශ්‍රේෂ්ඨාධිකරණයට යෑම සඳහා නඩු ගාස්තු ගෙවීමට සභාපතිවරයාට සහයෝගය දැක්වීම ප්‍රාදේශීය සභාවෙන් බලාපොරොත්තු වන බවයි.
ජවිපෙ මන්ත්‍රිවරයා විසින් පවසා ඇත්තේ සභාපතිවරයා මුස්ලිම් වෙළෙඳුන් සම්බන්ධයෙන් මෙවැනි තීරණයක් ගැනීමේදී ප්‍රාදේශීය සභාවේ කිසිඳු මන්ත්‍රීවරයෙකුගේ හෝ කිසිඳු කාරක සභාවක උ⁣පදෙසක් ⁣නොගෙන තමන්ගේ හිතුමනාපෙට මෙම තීරණය ගත් බවයි. එමෙන්ම මෙම තීරණය රටේ මූලික ව්‍යවස්ථාවටත් පටහැනි මෙන්ම  ඉතාම අසාධාරණ යෝජනාවක් හිතුවක්කාර අන්දමට ගෙන ඒ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට මහජනතාවගේ බදුමුදල් නාස්ති කිරීම තවත් අසාධාරණ ක්‍රියාවක් බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇති අතර ඒ සඳහා සිය විරෝධය පළ කර තිබේ.

මේ සඳහා සානුකම්පිතව බලා  ප්‍රා/සභාපතිවරයාට අවශ්‍ය සහයෝගය දැක්විය යුතු බව් එජාප මන්ත්‍රි සරත් වික්‍රමරත්න මහතාගේ ද අදහස වී තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article