Friday, April 26, 2024

වයඹ බෙදාහරින්නන්ගේ සංගමයේ වාර්ෂික මහ සමුළුව 11 වැනිදා.

Must read

wad_agmවයඹ බලයලත් බෙදාහරින්නන්ගේ සංගමයේ වාර්ෂික මහ සමුළුව සහ සුහද හමුව දෙසැම්බර් මස 11 වැනිදා කුරුණෑගල බ්ලූස්කයි හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

2000වසරේදී සාමාජිකයින් 4දෙනෙකුගෙන් ආරම්භ කෙරුණු වයඹ බලයලත් බෙදාහරින්නන්ගේ සංගමය අද වන විට සාමාජිකයින් 200කට අධික පිරිසකගෙන් සමන්විත සංගමයක් වන අතර සිය සාමාජිකයින් සදහා මෙන්ම පොදු ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා සුබසාධක වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කරමින් සිටින සංගමයකි.

”වර්තමාන ආණ්ඩුවේ ගමන් මග සහ 2016 අයවැය ”යන මැයෙන් මෙම වාර්ෂික සමුළුවේ ප‍්‍රධාන දේශණය පැවැත්වීමට නියමිතව සිටින්නේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න මහතා විසිනි.වයඹ පළාතේ මැති ඇමැතිවරුන්ද මෙම වාර්ෂික සමුඵවට සහභාගීවීමට නියමිතව සිටිති.

වයඹ බලයලත් බෙදාහරින්නන්ගේ සංගමයේ වාර්ෂික මහ සමුළුව මෙවර පැවැත්වෙන්නේ 15 වැනි වරට වන අතර, එම සංගමයේ වත්මන් සභාපතිවරයා ලෙස කුරුණෑගල, දඹුලු සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂ ලසන්ත පතිරණ මහතා කටයුතු කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article