Friday, April 26, 2024

මිනිරන් සේවකයෝ රිදීගම හොල්ලති ! ( VIDEO )

Must read

rideegama_0තම ආයතනය පුද්ගලිකරණය නොකරන ලෙසට රජයට බලකරමින් දොඩම්ගස්ලන්ද කහටගහපලේ පතල් කම්කරුවන් සහ එහි කාර්ය මණ්ඩලය ඇතුලු සේවක සේවිකාවන් සියයකට අධික පිරිසක් ඊයේ (21 දා ) රිදීගම නගර මධ්‍යයේදී විරෝධතා පාගමනක යෙදුණහ.

දොඩම්ගස්ලන්ද, මදුරාගොඩ ප‍්‍රදේශයේ පිහිටා තිබෙනෙ කහටගහ ගැෆයිට් ලංකා යන නමින් හැදින්වෙන කහටගහපතල මේ වනවිට පූර්ණ රාජ්‍ය සතු සමාගමක් ලෙස පවතින අතර එහි කොටස්  විදෙස් සමාගමක් වෙත පවරාදීමේ  සූදානමක් පවතින බවට එහි සේවකයෝ චෝදනා කරති.

ඊයේ දහවල් රිදීගම නගරයට ඇදහැලුණු වර්ෂාව පවා නොතකමින් පතල් සේවකයින් විරෝධතා පාගමනින් රිදීගම නගරය වටා සංචාරය කළ අතර රිදීගම ඔරලෝසු කණුව අසලදී පැය භාගයකට ආසන්න කාලයක් සටන් පාඨ කියමින් උද්ඝෝෂණයකද යෙදුණහ. එම ස්ථානයට පැමිණි දොඩම්ගස්ලන්ද ශ‍්‍රීලනිප සංවිධායක ආර්. ඩී. විමලදාස මහතා උද්ඝෝෂකයින් සමග සාකච්ඡාවක්ද කළේය.

පතල් සේවකයින්ගේ  විරෝධතාවයේ වීඩියෝ දර්ශණ සහ ඡායාරූප පහත දැක්වෙයි.


rideegama_2 rideegama_3 rideegama_4 rideegama_5 rideegama_6 rideegama_1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article