Friday, April 26, 2024

නිදහස් භික්ෂු සංගමය මෛත‍්‍රීට එරෙහිව විනය පරීක්ෂණයක් ඉල්ලයි.

Must read

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින්   ශී‍්‍ර ලංකා නිදහස් භික්ෂු බල මණ්ඩලයේ භික්ෂූන් වහන්සේ පිරිසක් විසින් මීට ටික වේලාවකට පෙරදී    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර  ප‍්‍රියදර්ශණ යාපා මහතා වෙත සන්දේශයක් භාරදෙනු ලැබූහ.
ශී‍්‍ර ලංකා නිදහස් භික්ෂු සංගමය නියෝජනය කරමින් , අනුර යාපා මහතාගේ යක්විල, ඊරියගොල්ලේ පිහිටි නිවසට පැමිණි වයඹ පළාතේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක රැකව ජිනරතන හිමියන් , වටිනාපහ සෝමානන්ද හිමියන්,  මැදගමුවේ විජයමෛත‍්‍රී හිමියන් සහ දුටුවැවේ ලංකානන්ද හිමියන් යන හිමිවරුන් අදාළ සංදේශය ඒ මහතා වෙත භාරදෙනු ලැබූහ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද විචේචනය වන ආකාරයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පෙරේදා සිදුකළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය හේතුවෙන් ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයට සෘජුවම සහයෝගය දක්වන බවක් මේ වන විට මහජනතාවට හැගී ගොස් ඇති බව එම සන්දේශයෙහි ඇතුළත්ය. ඒ හේතුවෙන් පක්ෂ විනය හිතාමතාම කඩකර ඇති බැවින් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව වහාම විනය පරීක්ෂණයක් පවත්වන ලෙසට ශී‍්‍ර ලංකා නිදහස් භික්ෂූ සංගමය එම සංදේශයෙන් ඉල්ලා සිටියි.
අදාළ සංදේශය භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ අනුර යාපා මහතා එම සංදේශය  ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබදව ඉදිරි කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.

ඡයාරූප සහ විස්තර – කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර සේරසිංහ

2015-07-16 01 2015-07-16 02

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article