Friday, April 26, 2024

නාමයෝජනා ලැයිස්තු 4 ක් සහ අපේක්ෂකයින් 24 ක් කුරුණෑගලින් ප්‍රතික්ෂේප වෙයි. ( ඡායාරූප )

Must read

nominations 2017

ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වෙනුවෙන් ඉදිරිපත් වූ නාමයෝජනා පත්‍ර 4 ක් සහ අපේක්ෂකයින් 23 දෙනෙකුගේ නම් විවිධ අඩුපාඩු හේතුවෙන් ප්‍රතික්ෂේප කිරීමට සිදු වූ බව කුරුණෑගල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි ගාමිණී ඉලංගරත්න මහතා අද (21 දා) පස්වරුවේ පැවැසීය.

පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා භාරගැනීම අද දහවල් දොළහට අවසන් වූ අතර ඉන්පසුව විරෝධතා භාරගැනීමේ කාලසීමාව ආරම්භ වූ අතර, නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා විශාල ප්‍රමාණයක් ඉදිරිපත්වීම හේතුවෙන් පස්වරු 4 පමණ වනතෙක් එම විරෝධතා සලකාබැලීම සිදුවිය. ඉන් අනතුරුව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පිළිගත් සහ ප්‍රතික්ෂේප කළ නාමයෝජනා සම්බන්ධයෙන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා විසින් මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 20 ක් වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ 14 ක් සහ ස්වාධීන කණ්ඩායම් 11 විසින් නාමයෝජනා පත්‍ර 110 ක් ඉදිරිපත් කර තිබූ බවත්, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය මැතිවරණය සදහා ඇප මුදල් තැන්පත්කර තිබූ නමුත් නාමයෝජනා භාරදීමට නොපැමිණි බවත් හෙතෙම එහිදී පැවැසීය.

තමන් වෙත භාරදුන් නාමයෝජනාපත්‍ර අතරින්, පොල්පිතිගම ප්‍රාදේශීය සභාව සදහා ඩී. එම්. පී. බී. දසානායක මහතා විසින් ඉදිරිපත් කළ ස්වාධීන කණ්ඩායම් නාමයෝජනා පත්‍රයේ කණ්ඩායම් නායකයාගේ අස්සන නොතිබීම නිසා ප්‍රතික්ෂේප කිරීමට සිදු වූ බව පැවැසීය. මහව ප්‍රාදේශීය සභාව සදහා යහපාලනය සදහා වූ ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයට අපේක්ෂකයින් විසින් ලබාදෙන දිවුරුම් ප්‍රකාශ ඇතුළත් නොවීම නිසා ප්‍රතික්ෂේප කිරීමට සිදු වූ බවත්, පොල්ගහවෙල ප්‍රාදේශීය සභාව සදහා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයට නියමිත කාන්තා අපේක්ෂිකාවන් ගණන ඇතුළත් නොවීම හේතුවෙන් ප්‍රතික්ෂේප කිරීමට සිදු වූ බවද ඉලංගරත්න මහතා පැවැසීය. එමෙන්ම රිදීගම ප්‍රාදේශීය සභාව සදහා මුස්ලිම් කොංග්‍රසය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයේ නියමිත අපේක්ෂකයින් ගණන ඇතුළත් නොවීම හේතුවෙන්එම ලැයිස්තුවත් ප්‍රතික්ෂේප කිරීමට සිදු වූ බවද පැවැසීය.

මහව ප්‍රාදේශීය සභාව සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය සමග කාන්තා අපේක්ෂිකාවකගේ දිවුරුම් ප්‍රකාශය ඇතුළත් නොවීම නිසා එම අපේක්ෂිකාවගේ නම ප්‍රතික්ෂේප කිරීමට සිදු වූ බවද තේරීම්භාර නිලධාරිවරයා පැවැසීය. නාමයෝජනා පත්‍රය සමග තරුණ අපේක්ෂකයින්ගේ දිවුරුම් ප්‍රකාශය හෝ උප්පැන්න සහතික ඉදිරිපත් නොකිරීම හේතුවෙන් පොල්ගහවෙල ප්‍රාදේශීය සභාව සදහා අගිල ඉලංගෙයි මහජන කොංග්‍රසය විසින් ඉදිරිපත් කළ නාමයෝජනාපත්‍රයේ අපේක්ෂකයින් 08 දෙනෙකුගේ සහ කුලියාපිටිය ප්‍රාදේශීය සභාව සදහා ස්වාධීන කණ්ඩායමක් විසින් ඉදිරිපත් කළ නාමයෝජනාපත්‍රයේ අපේක්ෂකයින් 14 දෙනෙකුගේ නම් ප්‍රතික්ෂේප කිරීමට සිදු වූ බව හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

නාම‍යෝජනා භාරදීම අතරතුර දැකගත හැකි වූ සුවිශේෂි අවස්ථා කිහිපයක් වයඹ ටුඩේ කණ්ඩායම විසින් මෙලෙස කැමරාවෙහි සටහන් කරගෙන තිබිණි.

nominations_2

nominations_3

nominations_4

nominations_5

nominations_6

nominations_1

nominations_7

nominations_9

nominations_10

nominations_11

nominations_12

nominations_13

nominations_14

nominations_15

nominations_16

nominations_17

nominations_18

nominations_19

nominations_20

nominations_21

nominations_22

nominations_23

nominations_24

nominations_25

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article