අද සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 5,000 දක්වා වූ සියලුම QR ගනුදෙනු සඳහා ව්‍යාපාරික ආයතන වෙතින් අය කරන සේවා ගාස්තුව සම්පූර්ණයෙන් ඉවතට
නව ක්‍රමවේදය ඔස්සේ ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක සිට P to P පුද්ගලානුබද්ධ ගනුදෙනු පහසුවෙන්
ඩිජිටල්කරණය රජයේ ප්රමුඛ වැඩසටහනක් බවත්, සියලු ආකාරයේ ගනුදෙනු ඩිජිටල්කරණය මගින් විනිවිදභාවයෙන් යුත් කාර්යක්ෂම, විශ්වාසනීය සහ ආරක්ෂිත ක්‍රමවේදයක් බවට පත් වන අතරම, මෙරට අවිධිමත් ආර්ථිකයේ පංගුව ක්‍රමානුකූලව විධිමත් ආර්ථිකයට කැඳවා ගත හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය” නිල වශයෙන් දියත් කිරීමේ අවස්ථාවට අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව, කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (cash-lite) ආර්ථිකයක් කරා මෙහෙයවීමේ මූලික අරමුණ ඇතිව මෙම වැඩසටහන ආරම්භ කෙරිණි. ඒ අනුව, අද සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 5,000 දක්වා වූ සියලුම QR ගනුදෙනු සඳහා ව්‍යාපාරික ආයතන වෙතින් අය කරන සේවා ගාස්තුව (Merchant Discount Rate) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මූල්‍ය ආයතන කටයුතු කර ඇත.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, Gov Tech ආයතනය, LankaPay ආයතනය සහ මූල්‍ය ආයතනවල සහාය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙන අතර, ගනුදෙනු කිරීමේදී පවතින බාධා ඉවත් කිරීම, ත්‍යාග සහ දීමනා මගින් ජනතාව උනන්දු කිරීම, නව තාක්ෂණය හඳුන්වා දීම, රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යන මුලික කරුණු 04ක් මත පදනම්ව එය ක්‍රියාත්මක කෙරේ.
news.lk







