Saturday, May 4, 2024

මෙවර ලෝක තෙත්බිම් දිනය ආනවිලුන්දාවේ ‘ රම්සා ‘ තෙත් භුමියේදී

Must read

103

“තෙත් බිම හා ජලය” තේමා කර ගනිමින් මෙවර ලෝක තෙත් බිම් දිනය 02 (අද) වැනිදා ආරච්චිකට්ටුව – ආනවිළුන්දාව රම්සා කුරුළු අභය භූමියේදී සැමරීමට වන ජීවී දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර ඇත.

ඒ අනුව ආනවිළුන්දාව රම්සා අභය භූමිය සීමාවට අයත් වන දැනට අතහැර දමා ඇති ඉස්සන් පොකුණු තුළ කඩොලාන ශාඛ සිටුවීමටද කටයුතු යොදා ඇති බව වන ජීවී දෙපාර්තමේන්තුව සදහන් කරයි.එසේ අතහැර දමා ඇති ඉස්සන් පොකුණු නැවත අල්ලා ගැනීමේ සිද්ධීන් කීපයක්ද පසුගිය කාල වකවානුව තුළ වාර්තා විය.එම සිද්ධිය මෙරට මහත් ආන්දෝලනයට තුඩු දෙන්නක් බවට පත් විය.

රතඹලාඔයෙන් පෝෂණය වන එල්ලගං වැව් පද්ධතියකින් හෙබි ආනවිළුන්දාව රැම්සා කුරුළු අභය භූමිය දෙස් විදෙස් සංචාරකයින්ගේ පරාදීසයක් බවට පත්ව ඇත.සෑම වර්ෂයකම දෙසැම්බර් මාසය වන විට මෙම අභය භූමියට සංචාරක පක්ෂීන් විදෙස් රටවල් වල සිට පැමිනෙති.මාස කීපයක් තෙත් බිම තුළ කෙළි දෙළින් පසුවන එම පක්ෂීන් තම වර්ගයා බෝ කිරීමෙන් අනතුරුව අප්‍රියෙල් මාසය අවසන් වන විට නැවත තම රටවල් කරා පියාඹා යති.

එසේ පැමිනෙන සංචාරක පක්ෂීන් ආනවිළුන්දාව රැම්සා අභය භූමිය අවට ඇති ගම්මාන කරාද පියාඹා ගොස් නිදහසේ ජීවත් වන ආකාරය සුළභ දසුනක් වී ඇත.

කෙසේ වෙත්ත මේ වන විට අතහැර දමා ඇති ඉස්සන් පොකුණු වලට කරදිය සම්පාදනය කරගෙන පක්ෂීන්ට මෙන්ම සෙසු වන සතුන්ටද හිතකර කඩොලාන ශාඛ රෝපනය කිරීමට කටයුතු සංවිධානය කර ඇති බව වන ජීවී දෙපාර්තමේන්තුව සදහන් කරයි.මෙම පරිසරයට ගැලපෙන මල් කඩොල්,හීන් කඩොල්,ඇවරි කඩොල් සහ කිරල රෝපනය කරන බව වන ජීවී දෙපාර්තමේන්තුවේ (රක්ෂිත ප්‍රදේශ කළමණාකරණ) අධ්‍යක්ෂක මංජුල අමරරත්න මහතා සදහන් කරයි.

මෙම අවස්ථාවට වන ජීවී අමාත්‍ය සී.බී.රත්නායක,පරිසර අමාත්‍ය මහින්ද අමරවීම මහතා ඇතුළු දේශපාලකයින් සහ නිලධාරීන්ද පාසල් දරු දැරියන්ද සහභාගි වීමට නියමිතව ඇත.10


ජුඩ් සමන්ත.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article