දිට්වා සුළි කුනාටුවට වසරක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩ සටහනක් පසුගිය 27 වැනිදා දවස පුරා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදි.
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම ලේ දන්දීමේ වැඩ සටහනට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියේ.ලේ පරිත්‍යාග කරන ලද පරිත්‍යාගශීලීන් සදහා ආරච්චිකට්ටුව සහකාර ප්‍රාදේශීය ලේකම් දිනිති ඉමර්ෂා මහත්මිය විසින් කජු පැල බෙදා දීමක්ද මෙහිදී සිදු කරන ලදි.








